*
Saturday, June 15, 2024
spot_img

Latest Posts

විරෝධතා මැද රේගුවේ CCTV කැමරා පද්ධතිය කචල්?

කොළඹ (LNW): රජයේ ප්‍රතිපත්තීන්වලට එරෙහිව ගෙන යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සමඟ ගුවන් තොටුපළේ රේගුවේ CCTV කැමරා පද්ධතිය ක්‍රියාවිරහිතව පවතින බවට ආරංචිමාර්ග පවසයි.

මේ පිළිබඳව අප කළ විමසීමකදී, අපට තහවුරු කරනු ලැබුවේ ගුවන්තොටුපළේ CCTV කැමරා පද්ධතියක් පැවතුන ද, රේගු නිලධාරීන්ගේ විරෝධතා මත ඒවා ක්‍රියාත්මක නොවන බවයි.

මේ අතර, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ද CCTV කැමරා පද්ධතිය සවිකර තිබෙන්නේ ආගමන විගමන නිලධාරීන් සිටින පුටු මේස ආදිය කාචයට සටහන් නොවන ආකාරයට බව ආරංචිමාර්ග වැඩිදුරටත් අප වෙත දන්වා සිටියේය.

මේ පිළිබඳව අප වෘත්තීය සමිතිවලින් කළ විමසීමකදී එය වෘත්තීය සමිති විසින් ගෙන යන ක්‍රියාමාර්ග අඩපණ කිරීමට ප්‍රචාරය කරන ලද සාවද්‍ය පුවතක් බවට අපට දැනුම් දුන් මුත්, මෙලෙස CCTV කැමරා පද්ධතිය අක්‍රියව පැවතීම සාක්ෂි සහිතව පෙන්වා දිය හැකි බවත්, එය අසත්‍යයක් නම් රේගුවේ CCTV කැමරා පද්ධතිය රේගු පරිශ්‍රය සියයට 100ක් ම ආවරණය කරන බව තහවුරු කර පෙන්විය හැකි බවත් අභ්‍යන්තර ආරංචිමාර්ග අපට පැවසීය.

මේ පිළිබඳව සාක්ෂි සහිතව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඉදිරියේදී අපි කටයුතු කරන්නෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan