කොළඹ LNW:පාස්කු ප්‍රහාරයට එරෙහිව යුක්තිය ඉටු කරගැනීම හොරාගේ අම්මාගෙන් පේන අහනවා වැනි වැඩක් වුවත් ඊට සාධාරණය ඉටුකළ යුතු වගකීම් පැවරී ඇති කණ්ඩායම එය සිදුකරන තුරු මෙම අරගලය සිදුඅක්රන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ අද (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළහ.
එහෙන් මෙහෙන් අතගාලා කාපට් එක යට හංගන්න උත්සහ කරන නමුත් එය එලෙස සිදුවීමට ඉඩ නොදෙන බවයි උන්වහන්සේ සඳහන් කළේ.
විශේෂයෙන් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරන බවට පොරොන්දු වී බලයට පැමිණි ජනාධිපතිතුමාට ගෙදර යාමට සිදු වූ අතර ප්රාහ්රයෙන් මියගිය 272 ක ජීවිත ගැන තැකීමක් නොකරන්නේ නම් ඒ අයටත් සිදුවන්නේ ඒ දෙයම බවද කාදිනල් හිමියෝ කියා සිටියහ.
වළක්වා ගැනීමට ඉඩ තිබුණු ප්‍රහාරයක් සිදුවීමට ඉඩ හැරීම හේතුවෙන් ඊට යුක්තිය ඉටුවිය යුතු වන බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ.
ආශිකා බ්‍රාහ්මණ