‘ජැක්සන් ඇන්තනි සුව වෙයිද?’

Date:

ජැකා ගැන ගොඩාක් අය අහන ප්‍රශ්ණයක් තමා, ඔහු නැවත හිටපු විදිහටම නැගිටලා ඒවිද කියන එක. අපි හැමෝම ඒකට ආසාවෙන් බලාපොරොත්තු වෙන උත්තරය මොකක් වුණත්, , ඒකට තියන වෛද්‍ය විද්‍යාතමක උත්තරය ‘නැහැ’ කියන එක.

එක එක අයට දේවවාදී, ආස්චර්යවාදී, අමුතු විශ්වාස තියෙන්න පුළුවන්, තියා ගන්නත් පුළුවන්. නමුත් ඉසිපිරිතාලයක් ඇතුලේ තියෙන්න ඕනේ වෛද්‍ය විද්‍යාව. ඒකේ තීරණ ගන්න ඕනේ වෛද්‍ය විද්‍යාවට අනූව. උපදෙස් දෙන්න ඕනෙත් ඒ විදිහට.

ඒ වගේම ඔහුගේ පණ කියලා ඔබ විශ්වාස කරන එක අදටත් රැඳවිලා තියෙන්නේ විද්‍යාව හා තාක්ෂණික උපකරණ මත. අඩුම ගානේ ඒක ආශ්චර්යකින් වෙලා තියනවානම්, අපිට ඒ ගැන සලකලා බලන්න තිබුණා.

අපිට අනූව මේකේ වැදගත්ම කෑල්ල ඒක නෙවේ. මේ යන්ත්‍රය එක රෝගියෙකු වෙණුවෙන් වෙන් කරලා තිබීම ඇතුලේ, තව බේරා ගතහැකි ජීවිත කීයක් අවධානමට ලක් වෙනවාද කියන එකයි. ජැකාගේ ජීවිතය අපිට ගොඩාක් වටිනවා. ජැකාට ආයේ පණ ලැබෙනවානම්. නමුත් ඒ වෙණුවෙන් තවත් ජීවිතයක් ලංසුවට තියන්න්න ඔබටවත්, අපිටවත් අයිතියක් නෑ.

ජැකාට සලකන්න ගොඩාක් අය හිටියට, එහෙම නැති අයටත් ඒ ජීවිතය වටිනවා, ඒ වගේම. ජැකා වෙණුවෙන් මේ වැඩේ දිගටම කරන්න ඕනේ අයටත් විසඳුමක් තියනවා. ඔය හැමෝගෙම උදව්වෙන් ගෙදරදීම හෝ යම් විශේශිත ස්ථානයක කෘතිමව මේ පහසුකම හදාගන්න පුළුවන් (පාදෙනිය ක්‍රමයට නෙවේ, ඇත්තටම එහෙම කරපු අය ඉන්නවා)

එහෙමත් නැත්තං, මේ ප්‍රමාදය නිසා අවධානමට ලක් වෙන අයට සමාන පහසුකමක් හදලා දෙන්න තරම්, ජැකාට උණුවන හදවත් උණු වෙනවානම්, ඒක ජැකාටත් ලොකු පිණක්!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් විශේෂ අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඉතාලියේ රථවාහන ධාවනය...

විදෙස් ප්‍රේශන ගැන මහ බැකුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : මහ බැංකුව ...

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...