(VIDEO):මගේ ගෙදරක් වගේ තමයි මේ රටේ ගොඩක් සම්පත්.කිසිම ප්‍රතිලාභයක් නැහැ- මොකක්ද මේ ඉරාන්ගේ අමුතු කතාව?

Date:

කොළඹ LNW: මේ රටේ බොහෝ සම්පත් තමන්ගේ වසා දමා ඇති එක් නිවසක් මෙන් යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

බොහෝ පොදු සම්පත් වලින් කිසිදු ප්‍රතිලාභයක් ජනතාවට අත්නොවන අතර ප්‍රතිලාභ ලබා ගත හැකි මොහොතේදී එය සිදුකළ යුතු වන අතර එය දේශීය සම්පත් විකිණීම ලෙස අර්ථ විග්‍රහ කරගැනීම නිවැරදි නොවන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

බොහෝ දෙනා තමන් මීට පෙර කරන ලද ප්‍රකාශයක් වැරදි ලෙස විග්‍රහ කරගනිමින් සම්පත් විකිණීමක් ගැන චෝදනාත්මකව කතා කරමින් සිටින බවයි වික්‍රමරත්න මහතා සඳහන් කරන්නේ.

තමන් බැංකු පරිසරයකින් පැමිණි පුද්ගලයෙක් ලෙස සැමවිටම හිතන්නේ ප්‍රතිලාභ ගැනත් එම ප්‍රතිලා ලැබෙන්නේ කාටද යන්න ගැනත් බව යැයිද හෙතෙම කියාසිටියි.

නොදන්නාකමට විවිධ කතා කිව්වද රටක් ගොඩනගන්න යනවා නම් එය දැනුවත්කමින් කළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත්ට කාගෙන්වත් සහතික ඕනේ නෑ. ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත් වෙලා අත්දැකීම් තියෙන නායකයෙක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත්...

Pep Guardiola යුක්තිය සහ සාමය වෙනුවෙන් නැවතත් නැගී සිටී..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැන්චෙස්ටර් සිටි පාපන්දු...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංසකරණ වෙත නව ප්‍රවේශයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අරමුණු...