(VIDEO):මගේ ගෙදරක් වගේ තමයි මේ රටේ ගොඩක් සම්පත්.කිසිම ප්‍රතිලාභයක් නැහැ- මොකක්ද මේ ඉරාන්ගේ අමුතු කතාව?

Date:

කොළඹ LNW: මේ රටේ බොහෝ සම්පත් තමන්ගේ වසා දමා ඇති එක් නිවසක් මෙන් යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

බොහෝ පොදු සම්පත් වලින් කිසිදු ප්‍රතිලාභයක් ජනතාවට අත්නොවන අතර ප්‍රතිලාභ ලබා ගත හැකි මොහොතේදී එය සිදුකළ යුතු වන අතර එය දේශීය සම්පත් විකිණීම ලෙස අර්ථ විග්‍රහ කරගැනීම නිවැරදි නොවන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

බොහෝ දෙනා තමන් මීට පෙර කරන ලද ප්‍රකාශයක් වැරදි ලෙස විග්‍රහ කරගනිමින් සම්පත් විකිණීමක් ගැන චෝදනාත්මකව කතා කරමින් සිටින බවයි වික්‍රමරත්න මහතා සඳහන් කරන්නේ.

තමන් බැංකු පරිසරයකින් පැමිණි පුද්ගලයෙක් ලෙස සැමවිටම හිතන්නේ ප්‍රතිලාභ ගැනත් එම ප්‍රතිලා ලැබෙන්නේ කාටද යන්න ගැනත් බව යැයිද හෙතෙම කියාසිටියි.

නොදන්නාකමට විවිධ කතා කිව්වද රටක් ගොඩනගන්න යනවා නම් එය දැනුවත්කමින් කළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...