තැපැල්පතිගෙන් ජනතාවට අවධානාත්මක නිවේදනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 18, කොළඹ (LNW): නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති එස්. ආර්.ඩබ්.එම්. ආර්.පී. සත්කුමාර මහතා කියා සිටියේ වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කර ගත් ව්‍යාජ ජංගම දුරකතන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් සිදු වෙමින් පවතින බවයි.

මේ අනුව දේශීය හෝ විදේශීය පාර්සල ලැබීමක් ගැන පවසමින් ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති එස්. ආර්.ඩබ්.එම්. ආර්.පී. සත්කුමාර මහතා පවසයි.

ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ආදී නම් යොදා ගනිමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියද උපක්‍රමිකව වංචාවක් සිදු වෙමින් පවතින බව තැපැල්පතිවරයා එම නිවේදනය මගින් සඳහන් කර ඇත. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කෙටි පණිවුඩ මගින් ණය කාඩ්පත් තොරතුරු විමසීමක් කිසිසේත් සිදු නොකරන අතර ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධ කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන බව තැපැල්පතිවරයා අවධාරණය කරයි.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඒ හේතුවෙන් මහජනතාව වෙත ලැබෙන කෙටි පණිවුඩයක් සඳහා සිය ණය කාඩ්පත් දත්ත වෙබ් අඩවියකට හෝ කෙටි පණිවුඩයක් මගින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් ලබා දීම සිදු නොකරන ලෙසයි.

එම නිවේදනය පහති දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...