ගෝල්ෆේස් විරෝධතාවට එරෙහිව අධිකරණ නියෝගයක් ගැනීමේ සූදානමක් …

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළකරමින් ගෝල්ෆේස් පිටිය අසල දින 10ක් තිස්සේ ජනතාව විසින් අඛණ්ඩව පවත්වාගෙන එන විරෝධතාවට එරෙහිව අධිකරණ වාරණ නියෝගයක් ලබාගැනීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ.

විරෝධතාකරුවන් විසින් පසුගිය අප්‍රේල් 09 වනදා සිට අඛණ්ඩවම මේ දක්වා ජනාධිපති කාර්යාලයෙහි පිවිසුම් මාර්ගය අවහිර කරගෙන සිටින බැවින් එම ප්‍රවේශ මාර්ගය යළි විවෘත කරගැනීම සඳහා අරගලකරුවන්ට එරෙහිව වාරණ නියෝගයක් ගැනීමට කොටුව පොලීසිය බලාපොරොත්තුවෙන් සිටින බවයි ආරංචිමාර්ග පැවසුවේ.

කොටුව පොලිසිය මෙම වාරණ නියෝගය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වන අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කරන්නේ මීට පෙර මහත් ආන්දෝලනයකට ලක්වූ විනිසුරුවරයෙකු වන තිළිණ ගමගේ මහතා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...