විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිළිබඳ බුද්ධි අංශ වාර්තාව සුසිල් අතට! (VIDEO)

Date:

කොළඹ LNW:උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පමාවෙන් තරුණයින් අසහනයට පත් කර එම අසහනයට පත් තරුණයින්, අන්තවාදී දේශපාලන වුවමනාවන් සඳහා ගොදුරු කර ගැනීමේ ප්‍රයත්නයක් පවතින බවට පසුගිය සතියේ දී බුද්ධි අංශ වාර්තා මගින් හෙළි වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා ගුරුවරුන්ගේ එකඟතාව පළ වී ඇති අතර ප්‍රායෝගික පරීක්ෂණ කල්තියාම පවත්වමින් සිදු විය හැකි ප්‍රමාදයන් හැකිතාක් වළක්වා ගැනීමට මේ වන විට ක්‍රියා කරමින් සිටින බවයි.

එසේම තවදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලී සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ, මෙම විභාගයට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන් ද පෙනී සිට ඇති බැවින් ඔවුන් ගැන මෙන්ම අනෙකුත් සියලු දරුවන් ගැන ද සිතා උත්තර පත්‍ර පරීක්ෂාවට එක් වන ලෙසයි.

එමෙන් ම අතිශය රහස්‍යභාවයෙන් යුතු ව ඉතා වග වීමෙන් සිදු කළ යුතු උත්තර පත්‍ර පරීක්ෂාව,ක්ෂණික විකල්ප රහිත භාරදූර වගකීමක් බවත් පෞද්ගලික වාසි අවාසි නොතකා පොදු ජාතික අවශ්‍යතාවක් සේ සලකා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එම සේවය සැලසීමට කඩිනමින් එක් වනු ඇතැයි පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සමස්ත සමාජය ම අපේක්ෂා කරන බවත් අමාත්‍යාංශ මට්ටමින් ඊට හැකි සෑම සහායක් ම සලසන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...