පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියකු විසින් එල්ල කළ වෙඩි ප්රහාරයකින් මරණයට පත්ව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර මාධ්ය ප්රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවසුවේ අදාළ රැඳවියා ඊයේ (01) පස්වරුවේ බන්ධනාගාර තාප්පයට යාබද ආරක්ෂක කුටියකට නැග එහි රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරියකුගේ ගිනිඅවිය උදුරාගැනීමට තැත්කර ඇති බවත් එහිදී එම නිලධාරියා එල්ල කළ වෙඩි ප්රහාරයකින් රැඳවියා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ය.
මෙසේ මියගොස් ඇත්තේ රිමාන්ඩ් සිරකරුවකු බවත්, ඔහු මහනුවර ගලගෙදර ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකු බවත් සඳහන්.


