රජයට අපි බාධා කරන්නේ නෑ. විපක්ෂයේ බලය අල්ලන්නයි අපි යන්නේ – මහින්ද අමරවීර (VIDEO)

Date:

ජනාධිපතිවරයා විසින් ඊයේ පත්කරන ලද නව කැබිනට් මණ්ඩලයට ජනතා ප්‍රසාදයක් වැඩියෙන් හිමිවෙනු ඇතැයි තමන් සිතන අතර ඊට බාධාකිරීමට තම මන්ත්‍රී කණ්ඩායම කටයුතු නොකරන බවත් විපක්ෂ නායකවරයාගේ සහ ප්‍රධාන විපක්ෂයේ කාර්යභාරය තමන් සතුකර ගැනීම තම අරමුණ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර මහතා පවසයි.

“ඇත්තම කියන්න ඕනෙ මටත් ඒ අමාත්‍ය මණ්ඩලයට එන්න කියලා ආරාධනාවක් තිබුණා, නමුත් කිසිදු ආකාරයකට ඒ තනතුරු භාරගන්න අපට අවශ්‍යතාවයක් තිබුණෙ නෑ. මේ කැබිනට් මණ්ඩලයට යම් ආකාරයක ජනතාවගේ ප්‍රසාදයක් හිමිවෙයි කියලා මං හිතනවා කලින් තිබ්බ එකට වැඩිය. මේක අපි කඩාකප්පල් කරන්න යන්නෙ නෑ. ඒ අයට වැඩකරගන්න අවශ්‍ය නම් සහයෝගයත් අපි ලබාදෙනවා. හැබැයි ඒ අය අවංකව කටයුතු කරනවා නම්. රජය ශක්තිමත් කරන්න ගෙනාපු යෝජනා වගේ තමයි මට පේන්න තියෙන්නෙ ඔය විශ්වාසභංගයයි දෝෂාභියෝගයයි කියන දෙකම. අපි බලාපොරොත්තු වෙන්නෙ විපක්ෂයේ නායකයාගෙයි විපක්ෂයේ කාර්යභාරයයි අපි භාරගන්න. දැන් තියෙන විපක්ෂය ඒ කටයුත්ත කරනවායි කියලා මට සෑහීමකට පත්වෙන්න බෑ”

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (18) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...