රජයට අපි බාධා කරන්නේ නෑ. විපක්ෂයේ බලය අල්ලන්නයි අපි යන්නේ – මහින්ද අමරවීර (VIDEO)

Date:

ජනාධිපතිවරයා විසින් ඊයේ පත්කරන ලද නව කැබිනට් මණ්ඩලයට ජනතා ප්‍රසාදයක් වැඩියෙන් හිමිවෙනු ඇතැයි තමන් සිතන අතර ඊට බාධාකිරීමට තම මන්ත්‍රී කණ්ඩායම කටයුතු නොකරන බවත් විපක්ෂ නායකවරයාගේ සහ ප්‍රධාන විපක්ෂයේ කාර්යභාරය තමන් සතුකර ගැනීම තම අරමුණ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර මහතා පවසයි.

“ඇත්තම කියන්න ඕනෙ මටත් ඒ අමාත්‍ය මණ්ඩලයට එන්න කියලා ආරාධනාවක් තිබුණා, නමුත් කිසිදු ආකාරයකට ඒ තනතුරු භාරගන්න අපට අවශ්‍යතාවයක් තිබුණෙ නෑ. මේ කැබිනට් මණ්ඩලයට යම් ආකාරයක ජනතාවගේ ප්‍රසාදයක් හිමිවෙයි කියලා මං හිතනවා කලින් තිබ්බ එකට වැඩිය. මේක අපි කඩාකප්පල් කරන්න යන්නෙ නෑ. ඒ අයට වැඩකරගන්න අවශ්‍ය නම් සහයෝගයත් අපි ලබාදෙනවා. හැබැයි ඒ අය අවංකව කටයුතු කරනවා නම්. රජය ශක්තිමත් කරන්න ගෙනාපු යෝජනා වගේ තමයි මට පේන්න තියෙන්නෙ ඔය විශ්වාසභංගයයි දෝෂාභියෝගයයි කියන දෙකම. අපි බලාපොරොත්තු වෙන්නෙ විපක්ෂයේ නායකයාගෙයි විපක්ෂයේ කාර්යභාරයයි අපි භාරගන්න. දැන් තියෙන විපක්ෂය ඒ කටයුත්ත කරනවායි කියලා මට සෑහීමකට පත්වෙන්න බෑ”

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (18) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...