20 රිවස් කරවීම ගැන අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් ! (VIDEO)

Date:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී ඒ සඳහා දේශපාලනික සහ සමාජයීය ස්ථාවරත්වයන් ඉතාම වැදගත් බැවින් ඊට කඩිනම් හා ප්‍රායෝගික පියවරක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇතිවිය යුතුයැයි තමන් විශ්වාස කරන බව ඒ මහතා එහිදී සඳහන් කර තිබේ.

ඒ අනුව එහි ආරම්භක පියවරක් වශයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යාවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව යළි බලාත්මක කළයුතු බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ඊට අමතරව පුළුල් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දක්වා ගමන් කළයුතු බවත් ඒ සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේත් ජනතාවගේ සහාය ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...