අපහාස පරීක්ෂණ – පොලිස් ඇමති ආනන්ද විජේපාලගෙන් පොලීසියට තවත් පැමිණිල්ලක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තම කීර්ති නාමයට හානි සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් පොලීසියට තවත් පැමිණිල්ලක් ගොනුකර තිබේ.

අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිඛිතව මෙම පැමිණීල්ල යොමුකර ඇත.

ඒ, ආනන්ද විජේපාල මහතා සිය අමාත්‍යාංශයේදී ඇවන්ගාඩ් සමාගමේ හිමිකරු නිශ්ශංක සේනාධිපති හමුවී ඇති බවට සමාජ මාධ්‍ය තුළ පළකර ඇති සාවද්‍ය පුවතක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමිනි.

ආනන්ද විජේපාල මහතා හෝ ඔහුගේ නියෝජිතයකු හෝ කිසිදු අවස්ථාවක නිශ්ශංක සේනාධිපති හමුවී නොමැති බවත් මෙසේ ව්‍යාජ පුවත් නිර්මාණය කිරීම හරහා ආනන්ද විජේපාල මහතාගේ මෙන්ම වත්මන් රජයේත් කීර්ති නාමය පළුදු වීමක් හා ජනතා විශ්වාසය පළුදු වීමක් සිදුවන බවත් එම පැමිණිල්ලෙහි දක්වා ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසයි එම පැමිණිල්ල හරහා ඉල්ලා ඇත්තේ.

ආනන්ද විජේපාල මහතා මීට පෙර උතුරේ මහවිරු සැමරුම් පිළිබඳ කළ ප්‍රකාශයක් විකෘති කර පළකිරීමක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකෙරෙමින් පවතී.

ගතවූ සතියක කාලය තුළ පමණක් මෙසේ කීර්ති නාමයන්ට හානි සිදුවීමේ සිද්ධි පිළිබඳව ආනන්ද විජේපාල මහතා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මහින්ද ජයසිංහ සහ චතුරංග අබේසිංහ ද පොලීසියට පැමිණිලි කර තිබෙනු වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රසිඳු අංක එකේ ක්‍රීඩකයාට ඉහළින්ම අභියෝගයක් වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: BNI Indonesia International Challenge...

Lanka Ride 2025 හොඳ වැඩක් – ඒත් ඒක එක නෙමෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: වැරදි තොරතුරු මත සහ...

සමාජවාදය ජීවමාන අපේක්ෂාවක් – පෙරටුගාමීන් ඉල්මහ විරුවන් සමරයි!(PHOTOS)

කොළඹ LNW: අදට යෙදී තිබෙන 36 වෙනි ඉල්මහ විරු...

විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : අද (13) ...