ආණ්ඩුවට අද පාර්ලිමේන්තුවේ 113ක බහුතරය අහිමි වීමේ දැඩි අවදානමක් …

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවට අද (20) දිනයේදී පාර්ලිමේන්තුව තුළ ආසන 113ක සරල බහුතරයත් අහිමි වීමේ දැඩි අවදානමක් උද්ගතව ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පසුගිය 2020 මහමැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලබාගනිමින් පිහිට වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවෙන් මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ විමල් – ගම්මන්පිල – වාසුදේව ඇතුළු කුඩා පක්ෂ සන්ධානයත් ඉවත්ව සිටින අතර තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමග ඔවුන් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ අසුන් ගෙන ඇත. ඒ අනුව ආණ්ඩුවට ඉතිරි වී තිබුණේ මන්ත්‍රී ආසන 118ක පමණ සංඛ්‍යාවකි.

මේ අතර පසුගියදා නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී ඇතිවූ තත්වයන් මත ආණ්ඩුව සමග අමනාපයට පත්ව සිටින හිටපු අමාත්‍යවරුන් පිරිසක් ද ස්වාධීන වීමට සාකච්ඡා පවත්වමින් සිටින අතර ඊයේ රඹුක්කන දී සිදුවූ පොලිස් වෙඩිතැබීමත් සමග රට තුළ උත්සන්නව ඇති ආණ්ඩු විරෝධයත් සලකා බැලීමේදී අද බොහෝදුරට ආණ්ඩුවට 113ක බහුතර බලයත් අහිමි වනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...

නවකවධයේ අතුරු ප්‍රථිඵල!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

කෙහෙළිය සහ බිරිඳ එළියට එද්දී දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ...

චීන-දකුණු ආසියා සම්බන්ධතා ශක්තිමත් කරමින් 09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ!

කොළඹ LNW:09 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද (19) නිරිතදිග...