උදේට කරපිංචා කැඳ එකක් බිව්වොත් සිදු වෙන විෂ්මිත දේ!

Date:

උදේට කරපිංචා කැඳ එකක් බිව්වොත් වැඩි කරදරයක් නැතිව වැඩි මහත අඩුකරගන්න හැකිවේවි. එනිසා ගෙදරදී පිරිසිදුවට රසම රස කරපිංචා කැඳ එකක් හදල බලන්න…
හදාගන්න අපහසු නෑ…

අවශ්‍ය වන ද්‍රව්‍ය:

කරපිංචා ග්‍රෑම් 400, කැකුළු හාල් ග්‍රෑම් 100, සුදු ළූනු බික් කිහිපයක්, ඉඟුරු පෙත්තක් , වතුර කෝප්ප 3, පොල් කිරි කෝප්ප 2, රතු ළුණු ගෙඩි හතරක්, ලුණු අවශ්‍ය පමණ

හදාගන්නේ මෙහෙමයි…

හල් සෝදා, ගරා එයට ඉඟුරු පෙත්තක්, සුදු ළුණු, රතු ළුණු, එක්කර වතුර ලිප තබන්න. සාමාන්‍යයෙන් බත් පිසින ආකාරයට වඩා තරමක් වැඩිපුර වතුර දමා බත් බෙරි වෙනතුරු තම්බා ගන්න. කරපිංචා වලට වතුර දමා කොටා මිරිකා ගන්න. හාල් තැම්බෙන විට සුදු ළූණු එකතු කර හැන්දෙන් පොඩි කරගන්න. හොඳින් තැම්බුණු බතට පොල්කිරි එක්කර හොඳින් හොඳින් නටවා කලින් සාදාගත් කරපිංචා යුෂ මිශ‍්‍රණය එක්කර විනාඩි 2ක් පමණ හොදින් හැඳි ගා ලුණු එක්කර ලිපෙන් බා පිළිගන්වන්න.

අධික රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් නැති අයට පොල් නොදමා කැඳ සාදා ගත හැකියි. රසයෙන් වගේම ගුණයෙනුත් ඉහළ කරපිංචා කැඳ සතියට දෙතුන් වතාවක් පානය කිරීමෙන් බොහෝ රෝග වැළඳීමේ ප‍්‍රවණතාවය අඩු කරවා ගන්නටත් හැකි වේවි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...

රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?

සටහන – පුලී දෙසැම්බර් 17, කොළඹ (LNW):  The Animal මෙන්ම මෑත...

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...