තෙල් පෝලිම්වල ජනතාව ලැගලා ඉද්දී අපි බලයට ආවේ. දැන් ආර්ථිකය ශක්තිමත්. අපි බොරු කියන්නේ නෑ – ටිල්වින්

Date:

ආර්ථිකය බිංදුවට වැටී ජනතාව තෙල් පෝලිම්වල ලගිමින් සිටි අවස්ථාවක තමන් රට භාරගත් බවත් මේ වනවිට තම ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ස්ථාවර කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“ඔය සජිත්ලා තමයි බොරුකාරයෝ, රනිල්ලා තමයි බොරුකාරයෝ, නාමල්ලා තමයි බොරුකාරයෝ. දැනුත් බොරුවෙන් ජීවත් වෙන්න හදන්නෙ. අපි එහෙම කරලා නෑ, අපි කිව්ව දේ කරලා තියෙනවා. ඔබ දන්නවා අපි බාරගත්තෙ වට්ටපු රටක් නෙ සහෝදරයා. අපට ස්වර්ගය බාරරදුන්නෙ නෑනෙ. මේ රට අපි බාරගන්නකොට ආර්ථිකය බිංදුවට වැටිලා, තෙල් පෝලිම්වල මිනිස්සු ලැගලා, ඊටපස්සෙ ණය ගෙවාගන්න බැරිවෙලා, අපට තුන්වේල කන්න බැරිවෙලා, උදේට ඉස්කෝලෙ ගිය පුංචි එකා ඉස්කෝලෙ රැස්වීමේදී කලන්තෙ දාලා වැටිලා, ඒ නිසා ගුරුවරුන්ට ඉස්කෝලෙ බත් බැංකුවක් හදන්න සිද්ධ වෙලා, එහෙම යුගයක අපි හිටියෙ. එහෙම රටක් අපි බාරගත්තෙ. දැන් වෙලා තියෙන්නෙ මොකක්ද ? දැන් ආර්ථිකය ස්ථාවර කරලා තියෙනවා. දැන් හෙල්ලෙන්නෙ නෑ ආර්ථිකය. ඒගොල්ලො කිව්වා අපි ආවාට පස්සෙ රුපියල නගී කියලා හාරසීයට. නෑ., අපි තුන්සීයට අඩුවෙන් තියාගෙන ඉන්නවා රුපියල. ශක්තිමත් කරලා තියෙනවා මේක. හෙල්ලෙන්නෙ නෑ. අපි ජනතාවට දීපු පොරොන්දු ඉටුකරන්න පටන් අරන් තියෙනවා”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 19) සූරියවැව ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

කෙසේවෙතත් තෙල් පෝලිම් පැවතියේ 2022 වසරේ මුල භාගයේදී වන අතර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය බලයට පැමිණියේ ඒ තෙල් පෝලිම් අවසන් වී වසර දෙකකටත් පසුව ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...