රනිල් පිල්ලෙයාන්ට කෝල් කරන්න හැදුවේ ඇයි ? – එජාප මහලේකම් කරුණු පැහැදිලි කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් යනු රනිල් වික්‍රමසිංහ මහතා භාරගත් රජයේ හිටපු අමාත්‍යවරයකු මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය ජනාධිපතිවරණයේදී උදව් කළ අයෙකු බවත් ඔහුව අත් අඩංගුවට ගත් මොහොතේදී ඒ පිළිබඳව සොයාබැලීමට රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වූයේ ඒ නිසා බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.

“රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරපු කෙනෙක් එතුමාගේ ජනාධිපතිවරණයේදී, එතුමා බාරගත්ත රජයේ හිටපු ඇමතිවරයෙක් පිල්ලෙයාන් මහත්මයා. එතකොට හදිසියේ කවුරුත් දන්නෙ නැතිව එකපාරට මොකක් හරි අත් අඩංගුවට ගැනීමක් සිද්ධ වුණාම ඒ ගැන සොයාබැලීම වගකිවයුතු වගේම ශිෂ්ටසම්පන්න මනුස්සයෙක්ගෙ යුතුකමක්. ඒක එතුමා ඉෂ්ට කළේ. ඒකෙ ඒ හැරෙන්න වෙන දෙයක් නෑ කොච්චර මවන්න හැදුවත්. අපි කැමතියි රනිල් වික්‍රමසිංහ මහත්තයාව CID එකට ගෙනියලා මොකක්ද හේතුව මේ කෝල් එකට කියලා අහනවා නම්. මොකද මේකෙ හංගන්න දෙයක් නෑ. දැන් බටලන්දක් ඇහුවා, දැන් මේ කෝල් එකක් අල්ලන් ගහනවා. අර චාමර සම්පත් ඇමතිතුමා ගැන කරපු ප්‍රකාශයට දැන් ප්‍රකාශයක් ගන්න ඕනෙ ලු. ඕවාට අපි සූදානම්. එතුමා නෙවෙයි ඕනෙ කෙනෙක් අපේ පක්ෂයේ අපි ලෑස්තියි. හංගන්නෙත් නෑ, හැංගෙන්නෙත් නෑ, හංගන්නත් බෑ කාටවත්”

තලතා අතුකෝරාළ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 20) කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධික වර්ෂාවත් සමඟ ඇල්ල කුඹල්වෙල ආඬිගල නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : අද (23) පස්වරුවේ...

පොහොර වටේටම යොදා එක් කොරටුවක පමණක් අස්වනු නෙලන ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 23, කොළඹ LNW: දසුන් ශානක පළමු තරගය...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් චෙන්නායිහිදී විවාහ ගිවිස ගනී!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC)...

ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ 17කට හවුති අධිකරණයෙන් මරණ දඬුවම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු...