පිරිමි කණ්ඩායම සම කර ගනියි කාන්තා කණ්ඩායම පරදියි

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 21 කොළඹ LNW :

ඉන්දුනීසියාවේ පැවත්වෙන ආසියානු හොකි සමිමේලන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තායිලන්තය සමඟ පැවති තරගය 1-1 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගන්නට සමත් වුණා.කාන්තා කණ්ඩායම සිංගප්පූරුව ඉදිරියේ 5-2 ක් ලෙස පරාජයට පත් වුණා.
පිරිමි තරගයේ දී පළමු අර්ධය නිම වන තෙක්ම කණ්ඩායම් දෙකම ගෝල ලබා ගැනීමට සමත් වුණේ නැහැ.එහෙත් තෙවන තාක්ෂණික කෙටි විවේක කාලයට පෙර තායිලන්තය තරගයේ පෙරමුණේ තබමින් පුමී ක්‍රිට්සානා ගෝලයක් ලබා ගැනීමට සමත් වුණා.එහෙත් එම අභියෝගයට සාර්ථකව මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුරේෂ් රත්නායක තරගය සම කිරීමට අවශ්‍යය ගෝලය 56 වන විනාඩියේදී ලබා ගන්නට සමත් වුණා.

කාන්තා තරගයේදී පළමු අර්ධය සම්පූර්ණයෙන් සිංගප්පුරුව සතු වූ අතර ඔවුන් ගෝල 4 – 1 ක් ලෙස පෙරමුණේ රැදී සිටියා.එහෙත් දෙවන අර්ධයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රිදිමයට පැමිණ කරට කර සටනක යෙදෙමින් දෙවන අර්ධයේ ලකුණු ලැබීම් 1-1 ක් ලෙස නිමා කළත් පළමු අර්ධයේ සිංගප්පූරුව ලද වාසිය හේතු කර ගනිමින් තරගයේ ජය 5=2 ක් ලෙස සිංගප්පූරුව සතු වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විමුක්තිනී කළුආරච්චි ලබා ගත් ගෝල දෙකේම හිිමිකාරිය බවට පත් වෙමින් කැපී පෙණුනා.සිංගප්පූරුව වෙනුවෙන් හෝ පුවේ,එන්ජී සර්ඩෝනා,ඕඑන්ජී නාඩියා එක ගෝලබ බැඟින් රැස් කළ අතර ගෝල ද්විත්වයක්ම වාර්තා වුණේ සිම් වැලෙරිගෙන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...