නකල්ස් සිදුවීමට අදාළ දැරියගේ සහ බිළිඳියගේ සුබසාධනය සහ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම සඳහා පියවර!

කොළඹ LNW:නකල්ස් සිදුවීමට අදාළ දැරිය සහ බිළිඳියගේ සුබසාධනය සහ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම උදෙසා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන “අර්ථ” වැඩසටහන යටතේ මාසික ජීවන වියදම් දීමනාවක් ලබාදීමට අමාත්‍යාංශය විසින් කටයුතු සැළසුම් කර ඇත.

එම වයස අවුරුදු 15 දියණිය දැනට අ.පො.ස (සා/පෙළ) විභාගය සඳහා අයදුම් කර ඇති අතර ඒ සඳහා ඇයට සූදානම් වීමට අවශ්‍ය මනෝ සමාජයීය උපදේශන සහය ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හරහා ලබා දීමට කටයුතු කරන ලෙසද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් අමාත්‍යාංශය වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

ඇගේ අනිවාර්ය අධ්‍යාපන වයස අවසන් වනතුරු හෝ ඇගේ රුචිකත්වය පරිදි උසස් අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමුවන තුරු මෙම දීමනාව ඇයට සැපයෙනු ඇත.

මීට අමතරව කුඩා දියණියගේද පෝෂණ සහ අධ්‍යාපන අවශ්‍යතා සඳහා ඇය වෙනුවෙන්ද අර්ථ දීමනාව සැපයීමට සැළසුම් කර තිබේ.

ආයතනික රැකවරණයේ හෝ ආරක්ෂිත භාරකාරීත්වයන් යටතට පත්කරන ලද ළමුන් සහ වීදි දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක “අර්ථ” වැඩසටහන 2025 සිට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයත්, පරිවාස සහ ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවත් එක්ව ක්‍රියාත්මක කරනු ලබන අතර මසකට ළමුන් 9000 කට ආසන්න පිරිසක් මේ හරහා ප්‍රතිලාභ ලබති.

2027 වසරේද මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම උදෙසා 2027 අයවැය මගින් රු. මිලියන 750 ක මුදලක් වෙන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ තාක්ෂණික බිඳවැටීම: Leave the World Behind යථාර්ථයක් වෙනගමන් ද?

ඇමරිකාවේ තාක්ෂණික බිඳවැටීම: Leave the World Behind යතාර්ථයක් වෙනගමන් ද?

ඇමරිකානු ජනාධිපති චීනයට!

කොළඹ LNW:ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා චීනයේ Shenzhen නගරය...

‘හස්ති සේනා’ මෙහෙයුම :ගජබාහු හස්තියා සැරිසරන යාං ඔය – වාහල්කඩ ප්‍රදේශයට!

කොළඹ LNW:වන අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමත්, මිනිස් ජීවිත...

රාජාංගනේ සද්ධාරතන හිමි රිමාන්ඩ්

අනුරාධපුර පොලීසිය මගින් අත් අඩංගුවට ගත් රාජාංගනේ සද්ධාරතන හිමි...