දඹානට උදා වූ පරිගණක වසන්තය (VIDEO)

Date:

ඩී.පී. එඩියුකේෂන් යටතේ ක්‍රියාත්මක ඩී.පී. කෝඩින් ස්කූල් වැඩසටහනේ තවත් පියවරක් වශයෙන් ආදිවාසී දරු දැරියන්ට පරිගණක භාෂා අධ්‍යාපනය ලබාදීම සඳහා ඩී.පී. කෝඩින් ස්කූල් ශාඛාවක් පසුගියදා දඹාන විද්‍යාලයේ පිහිටුවන ලදී.

දඹාන විද්‍යාලයේ දරු දැරියන්ට පරිගණක භාෂා අධ්‍යාපනය ලබාදීම සඳහා ටැබ් පරිගණක 60ක් පමණ ලබාදෙමින් එම ඩී.පී. කෝඩින් ස්කූල් ශාඛාව එහි පිහිටුවන ලද අතර ඒ හරහා දරු දැරියන් 300 දෙනෙකුට පමණ පරිගණක භාෂා හැදෑරීමේ අවස්ථාව හිමිව තිබේ.

දැයේ දුවා දරුවන්ට පරිගණක භාෂා අධ්‍යාපනය ලබාදෙමින් ඒ ඔස්සේ ඔවුන්ට පරිගණක ක්ෂේත්‍රයෙහි මෘදුකාංග ඉංජිනේරු වෘත්තීය දක්වා වූ විවිධ රැකියාවන් ගණනාවකට මංපෙත් විවර කිරීමේ අරමුණින් යුතුව ධම්මික සහ ප්‍රෙසිලා පෙරේරා පදනම විසින් ඩී.පී. කෝඩින් ස්කූල් වැඩසටහන දියත් කර ඇත. සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන මෙම මාර්ගගත පාඨමාලාවේ මූලික පදනම සම්පූර්ණ කරන දරු දැරියන්ට මොරටුව විශ්වවිද්‍යාලයේ Trainee Full Stack Developer පාඨමාලාව සමග සම්බන්ධ වීමට ද හැකියාව ලැබේ.

ඈත පිටිසර දඹානේ ආදිවාසී දරුදැරියන්ට හෙට දිනයේ ලෝකය දිනන්නට අවශ්‍ය නව දැනුම ලබාදෙමින් ඩී.පී. කෝඩින් ස්කූල් ශාඛාවක් එහි පිහිටුවීම පිළිබඳව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් දැක්වූ අදහස් ඇතුළු තවත් විස්තර පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

පරිගණකයක් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයක් ඇත්නම් ඔබේ දරුවාටත් නිවසේ සිටම මෙම කෝඩින් පාඨමාලාවට සම්බන්ධ විය හැකි අතර රුපියල් ලක්ෂ 24ක් වටිනා මෙම කෝඩින් පාඨමාලාව නොමිලේම හැදෑරීමට ඔබත් අදම ඔබේ දරුවාව dpcode.lk වෙබ් අඩවියට යොමුකරන්න.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...

ඩෝසන්ස් ක්‍රීක් හි ප්‍රධාන චරිතයක් නිරූපණය කළ James Van Der Beek දිවි රඟමඩලට සමු දෙයි!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): ඇමරිකානු යොවුන් නාට්‍යයක්...

ජෝති හිටියා නම් අදට 90 යි !

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා වශයෙන් සැලකෙන...