*
Friday, May 3, 2024
spot_img

Latest Posts

දේදුනු අන්තෙන් මැකී ගිය ලිබරල් කුමරා.. මංගල

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රේන්බෝස් එන්ඩ් Rainbows End හි ජීවත් වූ සිහින කුමාරයා අපි බොහෝ දේ නොදත්, එහෙත් මානව හිතවාදියා ඔහු… මංගල සමරවීර නම් විය.

ආදරණීය මංගල.,

ඔහු මිය ගොස් වසර දෙකක් ඉක්ම ගොස් අවසන්.. එහෙත් බොහෝ හදවත් තුළ ජීවමාන ලිබරල් මිනිසා ඔහුයි…

ඔබට සුබ උපන්දිනයක්..

මංගල සමරවීර..

බොහෝ මතකයන් හදවතට මහා බරයි. ඒ වගේමයි මංගල නම් ලිබරල් මිනිසාගේ ජීවිතාන්දරය. ඔහු දෙස බාහිරින් බැලූ බැල්මට දේශපාලඥයකු ගේ ස්වරූපයක් දුටුවද මංගල යනු, මහා පුස්තකාලයක් යැයි කීවාට වැරදි නැත. ස්වභාදහමට මහත් සේ ඇලුම් කළ, තම දෙමාපියන්ට සහ තම ආගමට මහත් භක්තියෙන් සැලකූ තම නිවස තමාගේ සිත් රිසි සේ තබාගත් මහා පුදුමාකාර සැඟවුණු ගුණ සමුදායක් පිරි පුද්ගලයකු යැයි කීම වඩාත් නිවැරැදි යැයි හැඟේ.

ඔහුගේ නිවස පුරාවට ඇත්තේ කලාත්මක බවින් පිරුණු, ඉතා දුර්ලභ දසුන් සහිත චිත්‍ර , මූර්ති, සහ ඔහු විසින් විවිධ රටවල සංචාරය කළ සෑම මොහොතකම රැගෙන ආ සිහිවටනයන්ය. අද ඒ සියලු දේ සමඟ ඔහුද සියලු හදවත් තුළ සදාතනික මතකයක් වි හමාරය.

මංගලට බොහෝ ජනතාව ආදරය කිරීමට හේතු බොහෝය. ඔහුව විග්‍රහ කළ හැක්කේ ඔහු ළඟින්ම සිට ඔහුව කියවපු අයට මිස දුරින් සිට ඔහුට ලේබල් ඇලවූ පිරිසට නොවේ.

දේශපාලනය කියන්නේ හුස්ම නවතිනකන් රජපුටුවක රජ කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි කියලා ක්‍රියාවකින් ඔප්පු කල මිනිසෙක් මංගල තරම් වෙන කිසිවෙකුත් නැති තරම්ය. සරලවම කිවහොත් , දේශපාලනයෙන් කැමැත්තෙන්ම විශ්‍රාම අරන් තමන් කැමති විදිහකට ආතල් එකක් අරන් ජිවත් වෙනවා දැකපු එකම මිනිසා මංගලයි. සංඛ, වශී බෝල, රතු නුල් ඔහුගේ දිනපොතේ නැත. පුහු ආටෝප ඇත්තේම නැත .

තමන්ගේ ආගම ජාතිය විකුණලා මිනිස්සු අන්දලා දේශපාලනයක් නොකර කියන්න තියෙන දේ කෙලින්ම මුහුණට කිව්ව මිනිසෙක්.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන මානව හිමිකම් ගැන කෙලින් කතා කල මිනිසෙක්.

මතක් කළයුතුම දෙයක් නම් පාසැල් ළමුන්ට ඔහු සෑම විටම කීවේ දේශපාලනඥයින්ට වඳින්න එපා දරුවනේ යනුවෙනි.

සර්, මිස්, මන්ත්‍රීලා, ඇමතිලා, අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා කියලා කවුරැත් නැ. නම කියලා කතා කරන්න.!

ඒ තමයි මංගලගේ බොහෝ අය නොදුටු අව්‍යාජත්වය.

“මේක තනි ආගමක රටක් නෙවෙයි. මේක අයිති ශ්‍රී ලාංකිකයන්ට.” ඒ ඔහු සෑම විටම කියපු ආසාම කල වැකියක්!

අටුවාටීකා නොමැතිව කියන සඳ අද මංගල පින්සිරි සමවීරගේ ජන්ම දිනයයි……..

ජීවිතය යනු විඳිය යුත්තක් බවත්, බෞද්ධ දර්ශනය අනුව එකී දර්ශනය තමා තුළින් තමාව ප්‍රහීණය කරගෙන යථාර්ථවත්ව සමාජයේ සැරිසරිය යුතු බව පසක් කොට ගත් මංගල අද සිටියානම් හුදී ජනයා මෙපමණක් කම්කටොලු දුක් දෝමනස්සයන් වලට මුහුණ නොපානු ඇතැයි බොහෝ අයට සිතෙනු ඇත.

වසර සීයක් ජීවත් නොවෙන බව දත් මංගල සියළු මිනිසුන්ට තම හෘදය සාක්ෂිය අනුව සැහැල්ලුවෙන් ජීවිතය සොයන මගක් සොයමින් එය ප්‍රත්‍යක්ෂ කොට සමාජයට දායාද කරන්නට නිතැතින්ම උත්සාහ ගත් සැබෑ මිනිසෙක් …

දශක තුනකට පමණ ආසන්න දේශපාලන අත්දැකීම් සම්භාරයක් මෙන්ම, සමනළයා කියමින් හංවඩු ගසද්දීත් දකුණේ අභීතම පෘශ්ඨවංශික මිනිසා ලෙස මංගල තම දේශපාලනික අරමුණු අව්‍යාජව හඹාගියද කිසිදා තනතුරු හඹා නොගිය කෘතහස්ත දේශපාලකයෙකු විය..

අත්දැකීම් සමගින්ම ශ්‍රී ලාංකේය දේශපාලනයේ කුණුවෙමින් ගරාවැටෙනා අනාගතය කල්තියා දුටු මංගල, හිඟන්නාගේ තුවාලය කරගත් ශ්‍රී ලාංකේය දේශපාලනයට නව හැඩයක්, අලංකරණයක් මෙන්ම හැරවුම් ලක්ෂයක් ඉදිරිපත් කරණුයේ ” සැබෑ දේශප්‍රේමීන්ගේ රැඩිකල් මැද මාවත ” තුළින්‍ ය…

සියල්ලම දුර සිට දැකීමේ මහා දේශපාලන සහ ජීවිතාවබෝධයකින් හෙබි මංගල අද ඔහු සිටින ලෝකයේ සිට දොර ගුලු ඇරදා බලා සිනාසෙනු වෙනුවට කඳුලක් හෙලනු ඇත.

ලියුම්කරුට අනුව එකී ආරම්භයම මංගල පින්සිරි සමරවීර නම් නිර්මාණශීලී ආදරණීය සහෘදයාට නිමකරන්නට බොහෝ සමාජවගකීම් තිබුණද අවාරයේ ආ මහා සුළි සුළඟ වූ කොරෝනා ඔහු ඈතකටම රැගෙන ගියේය.

වරද නිවැරදි කරමින් ඇත්ත මංගල දකිමු………

දිගින් දිගටම ඍජු සමාජ දේශපාලන මත දැරීම නිසාම මංගල සමරවීර ශ්‍රී ලාංකික ග්‍රෝත්‍රික සංස්කෘතිය තුළ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ මංගල , පරම්පරාවෙන්ම සැබෑ සැදැහැවත් බෞද්ධ දර්ශනයේ අනුගාමිකයෙක් වූ මංගලට අවසානයේ පන්සල් පවා තහනම් වූ සමයක මාතර වල්පොල සිරිමංගල විහාරස්තානය පමණක් විවෘත වුනි.

එදා මෙදා තුර මංගල සමරවීර විසින් සිදුකළ ප්‍රකාශ නාඩි වාක්‍ය මෙන් එකින් එක සිදුවෙමින් පවතී..

විටක මංගල මෙසේ පවසයි..

“අපි මේවන තුරුම අපේ රටට අම්මට වගේ සැලකුවෙ.. ඒක විහිළුවක්..මදිපුංචි කමක්.. අම්මලට දරුවො හරියට සළකන්නෙ නෑ. මදර්ස් ඩේ එකට ෆේස්බුක් එකේ කවි ලියන පුතාල අම්මට සළකණ පුතාලා දූලා ඇත්තටම අම්මට සළකණ විදිය අපි දන්නවා. රෑට බීගෙන ඇවිත් අම්මට තඩිබාන තාත්තලා ඉස්සරහා පුතාලා දූලගේ හැසිරීම අපි දන්නවා “

මේ සියල්ල ඉවසමින් අපමණ දුක් විඳිමින් දරුවට හදවතින්ම ආදරේ කරණ අම්මලා ඉන්න රටේ, අපි අපේ රටට දරුවට වගේ සළකන්න කියන ආකල්පමය වෙනස සමඟ සංකල්පමය වෙනසක් සමාජගත කළ මංගලගේ ඉදිරි පිම්මේ දිග,පළල,දුර දිග වටහා ගන්නට හැකිවූයේ කාටද ?

කෙසේ නමුත් ඉන්ධන මිළ සූත්‍රයේ සිට මංගල විසින් මෑත ඉතිහාසයේ යෝජනා කළ අදහස් අදවන විට යතාර්ථයක් වී අවසන්‍ ය…

එසේ නම් අදට යෙදෙන හිටපු අමාත්‍ය මංගල පින්සිරි සමරවීරයන් ගේ නාමයෙන්, අපි අද සිට කෙතරම් අවාසි සහගත වුවත් ඇත්ත වෙනුවෙන් පමණක් පෙනී සිටිමු..

හැකි සෑම විටම අවංකව තම වෘත්තියේ නියැලෙමු………

අපි අපේ රටට අම්මට මෙන් නොව දරුවට මෙන් සළකමු..

අභියෝග හමුවේ නොසැලෙමු, රට වෙනුවෙන් මානව වර්ගයා වෙනුවෙන් ඇපකැප වෙමු..

ජිවිතය විඳවන්නක් නොව විඳින්නට ඇති දෙයක් බව පසක් කරගමු…

කිසිවිටෙක නිශ්චිත මොහොතේ කළ යුතු දේ කල්නොදමා ඒ මොහොතේම ඉටු කරමු…
මාළුවෙක් වෙනුවට බිලීපිත්තක්,පිරිනමණ තත්වයට අපි එකිනෙකා අතර අන්නෝන්‍ය බැඳියාව වර්ධනය කරගමු..

හදවත විනිවිද නොපෙනුනද , විනිවිද ලෝකය හදවතින් විදපු සහ දැකපු ආදරණීය මංගල , මංගල අද ඔබ සිටියානම් 67 වන ජන්ම දිනයයි සමරන්නේ..එහෙත් අද ඔබ නැත.

ඔබ සිටින්නේ කොතැනද …

ඒ තැන සතුටින්ම ඉන්න

ඉන්න කාළෙ සියළුම සමාජ ස්ථර ආදරයෙන් ස්පර්ශ කරාට නැවතත් ඔබට ස්තුතියි !!!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan