*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

පාස්කු නඩුවලින් බේරෙන්න මෛත්‍රීපාල ශ්‍රීලනිපය වික්කා – දුමින්දගෙන් චෝදනා !

රටේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා මෙවැනි මොහොතක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සම්බන්ධ වීම ගැටලු සහගත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

“විජේදාස රාජපක්ෂ කොහොමද වැඩබලන සභාපති වෙන්නෙ ? විජේදාස රාජපක්ෂ මේ පක්ෂයේ සාමාජිකයෙක්ද ?”

මාධ්‍යවේදීන් – මාසයක් ඇතුළත සාමාජිකත්වය ගත්තා කියලා තමයි අද කිව්වෙ …

“නෑ ඉතිං හොරෙන් ගත්ත එකක් වෙන්න ඇති. නැත්නම් ඉතිං විජේදාස රාජපක්ෂ මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් එක්ක හිටගන්න කලින් කවද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරලා තියෙන්නෙ ? දැන් අවුරුදු ගාණකට ආපස්සට බලන්න. අවුරුදු පහයි පාස්කු ප්‍රහාරයට. මං හිතන්නෙ නඩු ටිකෙන් බේරෙන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ පක්ෂය වික්කා. අපේ රටේ අධිකරණ ඇමතිවරයා මේ වගේ පුද්ගලයෙක් එක්ක මේ වගේ වෙලාවක සම්බන්ධ වීම පිළිබඳ අපට ගැටලුවක් තියෙනවා.

දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (21) කොළඹ ශ්‍රීලනිප මූලස්ථානයට ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan