මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් හමු වූ ජනපති රනිල්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 22, කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන ඇත. එහිදී මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන ඇත,

උන්වහන්සේ සමග,ජනාධිපතිවරයා කෙටි පිළිසදරක ද නිරත වූ අතර ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය  වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ බැහැදැක කෙටි පිළිසදරක නිරත වූ බව සඳහන් වේ.

මුතියංගණය රජමහා විහාරාධිපති පූජ්‍ය මුරුංදෙණියේ ධම්මරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...