බිමල්ගේ අමාත්‍යාංශය යටතේ සිටි තවත් ආයතන ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙයි. හයකින් හතරක්ම ගිහින් ?

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී ඇති බව ආරංචිමාර්ග පවසයි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් බිමල් රත්නායක මහතා පත්වීමෙන් අනතුරුව ඔහු යටතේ පැවති ආයතනවල ප්‍රධානීන් තිදෙනෙකු මීට පෙර ඉල්ලා අස්වී තිබිණි. ඒ, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි සහ ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ යන නිලධාරීන් ය. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලා අස්වීමත් සමග ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හයක් අතරින් හතරකම ප්‍රධානීන් ඉල්ලා අස්වී තිබීම විශේෂත්වය කි.

නිශාන්ත අනුරුද්ධ වීරසිංහගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුර සඳහා මහාමාර්ග අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු පත්කිරීමට නියමිත බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්