ලංකාවේ කෙල්ලො ඉන්දියාවේ සහ දකුණු අප්‍රිකානු කෙල්ලන්ට එරෙහිව පාන දස්කම් සජීවී බලන හැටි දැකගන්න

නිශ්මං රණසිංහ අප්‍රේල් 22 කොළඹ LNW :

අප්‍රේල් 27 දා ආරම්භ වීමට නියමිත ඉන්දියාව,දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව සහභාගි වන තුන් කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී එම තරග සජීවීව විකාශය වන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුතු කර ඇත.සෑම තරගයක්ම ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිත අතර සියලුම තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් මේ මොහොතේ ජනතාවට වඩාත් සමීපව ඇති අතර මෙම තරග සඳහා ප්‍රේක්ෂකයන්ට නොමිලේ තරග නැරඹීමේ අවස්ථාව ද හිමි කර දී ඇත.ඒ නිසා දකුණු අප්‍රිකාව සහ ඉන්දියාවට එරෙහිව හොඳ තරගයක් ලබා දීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමට ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් ද සහයක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය.

පහතින් දැක්වෙන්නේ තරගාවලියේ විකාශ කටයුතු සජීවිව සිඳුවන ආකාරයය.
ශ්‍රී ලංකාව

  • PayTV: ThePapare 2 ඩයලොග් රූපවාහිනියේ (නාලිකාව අංක 63)
  • ඩිජිටල්: ThePapare.com (වෙබ් අඩවිය) | ThePapare.com (ෆේස්බුක්) | Dialog VIU අයැදුම භාවිතයෙන්
  • YouTube: ශ්‍රී ලංකා ක්‍රිකට්
    ඉන්දියාව
  • රූපවාහිනිය සහ ඩිජිටල්: Sporta Technologies Private Limited – FanCode
    ගෝලීය
  • YouTube: ශ්‍රී ලංකා ක්‍රිකට්

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...