පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පහසු ජයක්

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 23, කොළඹ (LNW):මේ දිනවල විස්සයි විස්ස 2024 ලෝක කුසාලන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම වටයේ තරගවලට සහභාගි වීම සඳහා ඩුබායි හී සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරගයකදී නෙදර්ලන්තය පහසුවෙන් පරාජයට පත් කළා.


පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමරි අතපත්තු පන්දුවට පහර දීමට පිටියට නොපැමිණියත්,සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු පූවරුව කඩුලු 4 ට ලකුණු 183 ක් දක්වා රැඟෙන යාමට සමත් වුණා.පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අට දෙනෙක් පිටියට පිවිසි අතර ඉන් තිදෙනෙක්ම නොදැවී සිය ඉණිම නිමා කර තරගයෙන් ඉවත් වුණා.ඒ අතර ආරම්භක පිතිකාරිණියක වූ විශ්මි ගුණරත්න පන්දු 31 දී ලකුණු 49 ක් ලබා ගෙන සිටියා.හංසිමා කරුණාරත්න පන්දු 39 දී ලකුණු 49 ක් ලබා ඉණිම අත්හිට වූ අතර කවීශා දිල්හාරි පන්දු 19 දී ලකුණු 29 ක් නොදැවී ලබා ගෙන පිටියෙන් නොදැවී ඉවත් වුණා.


පන්දුවට පහර දී ලකුණු 184 ක් ලබා ගැනීමට පැමිණි නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් දියත් වූ හොඳම ඉණිම වාර්තා කළ බාබෙටි ඩි ලීඩි පන්දු 33 දී ලකුණු 41 ක් ලබා ගෙන සිටියදී කවීශා දිල්හාරිගේ පන්දුවකට කඩුල්ල මුවා කිරිමේ වරදට දැවී ගියා. ඔවුන් පන්දු ඕවර් 20 නිමා කළේ කඩුලු 9 ට ලකුණු 120 ක් ලබා ගෙන සිටියදී යි.මෙහිදී පන්දු ඕවර් 4 ම යවමින් දඟ කැවෙන ඩුබායි තණතිලිවලදී රිද්මයට පැමිණි ඉනෝකා රණවීර ලකුණු 13 ක් පමණක් ලබා දෙමින් කඩුලු 2 ක් දවා ගත්තා.කවීහා දිල්හාරි පන්දු ඕවර් 3 ක් යවමින් ලකුණු 9 ක් පමණක් දී කඩුලු 2 ක් දවා ගත්තා.දුවද්දී දැවියාම් දෙකක් සඳහන් වූ අතර එක් දැවීයාමක් හංසිමා විසින් ලබා ගත් අතර අනෙක් දුවද්දී දැවීයාම හසිනි පෙරේරා සහ කාව්‍යා කාවින්දි එක්ව ලබා ගත්තා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...