*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ලෝක බැංකුවෙන් මෙරට දරිද්‍රතාව ගැන හෙළිද‍රව්වක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 23, කොළඹ (LNW):ලෝක බැංකු වාර්තා පෙන්වා දෙන්නේ මෙරට දරිද්‍රතා අනුපාතිකය 2026 වසර දක්වා 22% ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි .

ලෝක බැංකු වාර්තා වළට අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙම වර්ෂයේදී සියයට 2.2ක මධ්‍යස්ථ වර්ධනයක් පුරෝකථනය කර ඇති බවත්, 2022 වසරේ දැඩි ආර්ථික පසුබෑමෙන් පසු ස්ථාවර වීමේ සලකුණු පෙන්වුවද රට තවමත් ඉහළ දරිද්‍රතා මට්ටමක සහ ආදායම් අසමානතාවයට මුහුණ දී සිටින බව අනාවරණය කරයි.

ලෝක බැංකුව පෙන්වා දෙන්නේ, මෙරට දරිද්‍රතා අනුපාතික අඛණ්ඩව සිවු වන වසරටත් ඉහළ ගොස් ඇති බවත්, 2023 වසරේදී මෙරට ජනතාව සියයට 25.9ක දරිද්‍රතා රේඛාවට පහළ මට්ටමක ජීවත් වූ බවයි. 2026 වසර දක්වා සියයට 22කට වඩා ඉහළ මට්ටමක මෙරට දරිද්‍රතා අනුපාතිකය පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත් පෙන්වා දෙයි.

ප්‍රමාණවත් නොවන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ඉදිරි දැක්මේ අවදානමද , මූල්‍ය අංශයේ දුර්වලතා සහ අර්බුදයේ කල්පවත්නා බලපෑම සම්බන්ධයෙන් අවදානම් පවතින බවද මහ බංකුව පෙන්වා දෙයි.

ලෝක බැංකුවේ අධ්‍යක්ෂ එච්. ෆාරිස් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතේ යමින් පැවතියද ශක්තිමත් සහ විශ්වසනීය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සමග ආර්ථික අර්බුදයේ බලපෑම දුප්පතුන්ට සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට අවම කිරීම සඳහා දරන උත්සාහයන් මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ඉතා වැදගත් බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan