ජලාශවල ජල මට්ටම පහළට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාතික විදුලි බල පද්ධතියට ජල විදුලි උත්පාදනය සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහල බැස ඇති බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පැවසිය.

එම ඉංජිනේරුවන් පවසන්නේ , කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 46 කින් සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 60 ක් දක්වා (22) දින වන විට පහල බැස ඇති බවයි.

දැනට ඇති වියළි කාලගුණයත් සමග එම ජලාශ දෙකේම ජල ධාරිතාව 50% පවතින බවත්, මේ දිනවල පස්වරුවේ එම ජල පෝෂක ප්‍රදේශවලට පැයකට ආසන්න කාලයක් අධික වර්ෂාවක් පතිත වුවත්, එම වර්ෂාපතනය ජලාශ ජල මට්ටම ඉහල යාමට තරම් ප්‍රමාණවත් නොවන බවත් , කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ දෙකෙන්ම ලබා ගන්නා ජලයෙන් විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ කැනියොන් යන ජල විදුලි බලාගාර වල විදුලිය උත්පාදනය කරන බවත් ඉංජිනේරුවන් වැඩිදුරටත් පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ RAF Fairford කඳවුරෙන් ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා සියල්ල ඉවත් කර නැවත ඇමරිකාවට යවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ලන්ඩනයට කිලෝමීටර්...

ආණ්ඩුව ඩබල් කැබ් 1000ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි !

නවීන මාදිලියේ ඩීසල් ඩබල් කැබ් රථ 1,000ක් මිලදී ගැනීමට...

බ්‍රසීල ජනාධිපතිවරණය දෙවන වටයට; පළමු වටයේ ජය ෆ්ලේවියෝ බොල්සොනාරෝට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 05: ඊයේ(04) පැවැති...

පේරාදෙණිය – කොටුව සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුවෙන් පීලි පනී

සටහන - රුවන් නෙළුගොල්ල පේරාදෙණියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය...