රාජපක්ෂලා එක්ක සක්විති රජකමවත් එපා – සජිත් ඇඹිලිපිටිය දැවැන්ත විරෝධතාවේදී කියයි (VIDEO)

Date:

රට පත්ව ඇති තත්වයෙන් ගොඩ ගැනීමේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බවත් රටේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් දීමට සමත් එකම බලවේගය සමගි ජනබලවේගය බවත්, තමන්ට සක්විති රජකම දෙන බව කීවත් හොර කල්ලි සමග හෝ රාජපක්ෂලා සමග අන්තර්කාලීන ආණ්ඩුවක්වත් හදන්නේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“ආසන එකසිය පනහක් පමණ තියාගෙන අවුරුදු දෙකහමාරක් මරනින්දේ ඉඳගෙන සිටි ආණ්ඩුව දැන් කියනවා හවුල් ආණ්ඩු වලට එන්න කියලා. අගමැතිකම් ගන්න එන්න කියලා. ඇමතිකම් ගන්න එන්න කියලා. ඒත් කාගෙවත් හිත් හදන්න, හොරෙන් ආණ්ඩු පිහිටුවන්න අපි සූදානම් නෑ. අපි ජනමතයෙන් ආණ්ඩුවක් පිහිටවන්න සූදානම්. රාජපක්ෂලා සමග ඩීල් ගහනවට වඩා මට සැපයි ගෙදර යන එක. අවුරුදු දෙක හමාරක් තිස්සේ රට කාලා, රට විනාස කරලා දැන් බොරු අං තට්ටු පළඳවන්න එනවා. ඒ අං තට්ටු පැළඳගන්න අපි සූදානම් නෑ” යැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

කොළොන්න ආසනයේ ඇඹිලිපිටිය නගරයේපැවැති සමගි ජන බලවේගයේ දැවැන්ත විරෝධතාවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා ඊයේ (23) මේ බව පැවසීය.

සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක් බවත්, එය අන්‍ත ලිබරල්වාදය හෝ ලුම්පන් ධනවාදය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය නිළවශයෙන් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...