*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

මහින්ද ඉවත් නොවෙනවා නම් අපට විශ්වාසභංගයට සහාය දෙන්න වෙනවා – ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාවක් මගින් ඔවුන්ව ඉවත් කිරීමට සිදුවන අතර ලබන සතියේ සිටම ඒ සඳහා ක්‍රියාත්මක වන බව ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වී සිටින පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරන වීරසුමන වීරසිංහ මහතා පවසයි.

“අපි දිගින් දිගටම කියන කාරණාව තමයි අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මේ කැබිනට් මණ්ඩලය අයින්වෙලා සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් පත්කරන්න කියන එක. මේ මොහොත වනතෙක් එය සිද්ධ වෙලා නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් පවා මේ ඉල්ලීම කරමින් තියෙනවා. නමුත් ඒකට ඇහුම්කන් දීමක් සිදුවෙලා නැහැ. ඒ අතරතුර සමගි ජන බලවේගය විශ්වාසභංගයක් පිළිබඳ සූදානමක් තියෙනවා. ඒ පිළිබඳව අපිත් සමග සාකච්ඡා කළා, නමුත් ඒ විශ්වාසභංගය ලිඛිතව අපට ඉදිරිපත් වෙලා නැහැ. අපට සිද්ධ වෙනවා අගමැතිවරයා සහ කැබිනට මණ්ඩලය මේ මොහොතේදී මේ අර්බුදයට උත්තර හොයන්න නම්‍යශීලී වෙලා අඩියක් පස්සට තියලා මේ තින්දුව ගන්න මැදිහත් නොවෙනවා නම් සමගි ජන බලවේගය ඉදිරිපත් කරන විශ්වාසභංගය හෝ අපි විසින් විශ්වාසභංගයක් ඉදිරිපත් කරලා හෝ අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත්කරලා අලුත් රජයක් බිහිකරන්න, ඒ සර්ව පාක්ෂික රජය බිහිකරන්න කටයුතු සූදානම් කරන එක තමයි මේ මොහොතේ ගන්න තීන්දුව වෙලා තියෙන්නෙ. අප්‍රේල් 24 IMF සාකච්ඡා අවසන් වෙනවා. ඒ අනුව 24 වෙනිදා පහුවුණාට පස්සෙ අපට තවත් ඉඩකඩ ලැබෙන්නෙ නෑ මේ ආණ්ඩුවට පවතින්න දෙන්න. ඒක නිසා එළඹෙන සතියේදීම අපි ඊළඟ දේශපාලන ක්‍රියාමාර්ගයට ව්‍යවස්ථානුකූලව අවතීරණ වෙන්න බලාපොරොත්තු වෙනවා”

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan