ඩෑන් ප්‍රියසාද්ගේ විතරක් නෙවෙයි දැන් නම් අපේ ජීවිතත් අවදානමේ!

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිදහසේ මිනී මරන්න ඉඩ දී ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා චෝදනා කර සිටියේය.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෙක්ව සිටියදී ඝාතනයට ලක්වූ ඩෑන් ප්‍රියසාද්ගේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ඩෑන් ප්‍රියසාද්ට පාතාල සම්බන්ධතා නොතිබුණ අතර ඔහු කුඩු ජාවාරම්කරුවෙක් හෝ මිනිමරුවෙක්හෝ නොවන අතර ඔහුව ඝාතනය කිරීමට පාතාලයට කිසිදු වුවමනාවක් නොමැති බව ගමගේ මහතා පැවසුවේය.

ඩෑන් ප්‍රියසාද්ගේ පමණක් නොව විරුද්ධ මත දරන තමන් ඇතුළු පිරිස්වලද ජීවිත අවදානමක් පවතින බවයි ඔහු කියාසිටියේ.

ඒ අනුව මෙම මරණවල වගකීම ආණ්ඩුව ගත යුතු බව ඔහු අවධාරණය කළේය.

මේ වන විට රටේ නීතියේ ආධිපත්‍ය පිරිහී ඇති බවයි මනෝජ් ගමගේ මහතා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...