ඩොලර් මිලියන 2.5 හොරකමට භාණ්ඩාගාර ලේකම් සහ ජනපති වගකිව යුතුයි. හර්ෂණ කාලයක් ඕස්ට්‍රේලියාවේ වැඩත් කරලා – Free Lawyers

මහාභාණ්ඩාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට භාණ්ඩාගාර ලේකම්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වගකිවයුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.

“මේ හොරකම සිද්ධ වුණාට පස්සෙ පළවෙනියෙන්ම භාණ්ඩාගාර ලේකම්තුමා හර්ෂණ සූරියප්පෙරුම මහත්මයා වගකියන්න ඕනෙ. ඒ වගේම ජනාධිපතිතුමාත් මේකට සමානව වගකියන්න ඕනෙ. එතුමාට මේ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. ඔය හර්ෂණ සූරියප්පෙරුම මහත්මයා ඕස්ට්‍රේලියාවේ අවුරුදු ගාණක් පෞද්ගලික අංශයේ වැඩකරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ වැඩකරන ආකාරය එතුමා දන්නවා. එතුමාත් මේකට යම්කිසි සම්බන්ධද කියන එක ගැන සැකයක් මතුවෙනවා. ඒ පුද්ගලයා මහාභාණ්ඩාගාරයේ ලේකම් හැටියට තියාගෙන විමර්ශනයක් කරන්න පුළුවන්ද ? මේකෙ මොකක්ද තියෙන සාධාරණත්වය ? මම ජනාධිපතිතුමාට කියනවා පළමුව ඔබතුමාත් අයින් වෙන්න ඕනෙ, මහාභාණ්ඩාරයේ ලේකම්තුමාත් අයින් කරන්න ඕනෙ. අයින් කරන්නෙ නැතිව මේ විමර්ශනය කරන්න බැහැ. මේ සිද්ධිය වෙලා දැනට මාස තුනක් විතර වෙලා තියෙනවා. මේක එළියට ආවෙ නැහැ. ජනාධිපතිතුමාට සිද්ධ වෙනවා ගල් අඟුරු කොමිසම වගේ තව කොමිසමක් පත්කරන්න මහබැංකුවේ සිද්ධ වෙලා තියෙන අකටයුතුකම් ගැන. මොකද කවුරුත් මහබැංකුව ප්‍රශ්න කරන්නෙ නැහැ”

ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති, ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...