චාල්ස් රජතුමාගේ සංචාරයත් සමඟ දෙරට අතර සබඳතා යථා තත්වයට පත්විය හැකි බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් රාජධානියේ iiiවන චාල්ස් රජුගේ සහ කැමිලා රැජිනගේ රාජ්‍ය සංචාරයත් සමඟ එක්සත් රාජධානිය සමඟ සබඳතා යථා තත්ත්වයට පත්විය හැකි බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජනපද ඉතිහාසයේ 250වන නිදහස් දින සංවත්සරය වෙනුවෙන් පැවැත්වීමට නියමිත මෙම සංචාරය සඳුදා(27) සිට 30 වන දා දක්වා පැවැත්වෙන අතර එක්සත් රාජධානියේ රජු සහ රැජින ධවල මන්දිරයේදී ට්‍රම්ප් හමුවනු ඇත. අනතුරුව වොෂින්ටන් DC හි දින දෙකකට පසු, ඔවුන් එක්සත් රාජධානියට ආපසු යාමට පෙර නිව්යෝර්ක්, වර්ජිනියා සහ බර්මියුඩා වෙත යනු ඇත.

ඉරානයට එරෙහි ආරම්භක ප්‍රහාර සඳහා එක්සත් ජනපදයට බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිතා කිරීමට අගමැති ඉඩ නොදීම, එක්සත් රාජධානියේ ගුවන් යානා ප්‍රවාහන නෞකා සම්බන්ධයෙන් හා චාගෝස් දූපත් වල ස්වෛරීභාවය සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කියර් ස්ටාමා අතර හොඳ හිත පලුදු වී ඇත.

මෙම අමනාපය චාල්ස් රජුගේ පැමිණීමත් සමඟ නැවත යථා තත්වයට පත්වනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...