දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/24

Date:

  1. 2022 දෙසැම්බර් මාසයෙන් අවසන් වන කාර්තුව තුළ ලැයිස්තුගත සමාගම් 281 ක සමුච්චිත ඉපැයීම් සියයට 44 ක දැවැන්ත පසුබැසීමකට ලක්වෙයි: මෙවන් පසුබැසීමක් සිදුවන්නේ 2020 න් පසු පළමු වරටයි: පසු බැසීම වැඩි වශයෙන් දක්නට තිබෙන්නේ, ප්‍රාග්ධන භාණ්ඩ (-82.6%), ගමනාගමනය (-87.0%), විදුලිසංදේශ (-226.8%), සහ විවිධාංගීකරණය වූ මූල්‍ය (-38.9%) යන අංශවලයි.
  2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවයට අනුව කල් ගතව තිබෙන විද්‍යුත් රාජ්‍ය ප්‍රසම්පාදන (e-GP) ක්‍රමය වහා ක්‍රියාත්මක කරන ලෙස මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ, පළාත් සභා, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු ව්‍යාපාරවලට උපදෙස් දෙයි.
  3. චීනයේ සත්වෝද්‍යාන සඳහා රිලවුන් (toque macaque) 100,000 ක් අවශ්‍ය බව පැවසුවේ යැයි කියන චීන සත්ත්ව අභිජනන සමාගමේ තොරතුරු ලබා දෙන මෙන් කෘෂිකර්ම ලේකම් ගුණදාස සමරසිංහ චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටියි.
  4. මෙරට ගෙවුම් ශේෂ දැනට හිතකර තත්ත්වයක නොපවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: “වර්ධනය සඳහා අවස්ථා නිර්මාණය කිරීම සඳහා වූ ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිව්‍යුහගත කිරීම් ක්‍රියාවට නැංවීමට” පියවර ගනිමින් සිටින බව පවසයි: මීළඟට සිදුකළ යුතු කඩිනම් ක්‍රියාමාර්ගය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට සහාය ඉල්ලා සිටීම බව ද පවසයි: එළඹෙන මාසයේ වර්ධන න්‍යාය පත්‍රය සූදානම් කරන බවට ද පොරොන්දු වෙයි.
  5. මෙරට නාගරීකරණය, 2012 වර්ෂයේ පැවති 18.5% ට සාපේක්ෂව 2022 වන විට 45% දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වෙයි: වේගවත් ජනගහන වර්ධනය සහ ග්‍රාමීය ප්‍රදේශවලින් මිනිසුන්ගේ සංක්‍රමණය සිදුවීම ඉහළ යාම මීට බලපා ඇති හේතු ලෙස සැලකේ.
  6. යාපනයේ ඩෙල්ෆ්ට් ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයන් පස් දෙනෙකු (කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු) කපා කොටා ඝාතනය කර ඇති බව වාර්තා වේ: බරපතල කැපුම් තුවාල ලැබූ තවත් කාන්තාවක රෝහල්ගත කර තිබේ: මීට අදාළ විමර්ශන දියත් වේ.
  7. අකුරණ ප්‍රදේශයේ බෝම්බ පිපිරීමක් සිදුවිය හැකි බවට පොලීසියට සාවද්‍ය තොරතුරක් ලබා දීම මත අත්අඩංගුවට පත් වූ 21 හැවිරිදි තරුණයා මැයි 04 වන දින වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.
  8. පුනර්ජනනීය බලශක්තිය සඳහා වූ සංශෝධිත ජනන ගාස්තු (feed-in tariffs) ඉතා සංකීර්ණ බව පෙනී යාම මත ඊට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ඉල්ලා අස්කර ගැනීමට බලශක්ති අමාත්‍යංශය කටයුතු කරයි: 2030 වන විට පුනර්ජනනීය ප්‍රභවයන් හරහා විදුලියෙන් 70%ක් නිපදවන බවට රජය පොරොන්දු වී සිටිය ද, දිගින් දිගටම ශක්‍ය ගාස්තුවක් හඳුන්වා නොදීම මත නව ව්‍යාපෘති අවහිර වී ඇති බව පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනයේ උප සභාපති මංජුල පෙරේරා පවසයි.
  9. 2022 ජූලි 09 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවස ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් දියත් කර තිබෙන විමර්ශයන්වලට අදාළව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ත්‍රිවිධ හමුදා නියෝජිතයන් කැඳවයි.
  10. මධ්‍යම කඳුකරයේ රාමායනය වීර කාව්‍යයේ කියවෙන ස්ථානයක් සනිටුහන් කරමින් නව සමරු මුද්දරයක් නිකුත් වෙයි: මෙම මුද්දරයෙන් සිහිපත් කෙරෙන්නේ සීතා අම්මන් දේවාලය වන අතර, එය රාමායනය කතාන්දරයේ කියවෙන රාවණා රජු විසින් සීතා දේවිය සිරකර තැබූ අශෝක් වතිකා නමින් හැඳින්වෙන ස්ථානය යැයි විශ්වාස කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...