*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

LNW පුවත ඵල දරයි! කටුනායක ගුවන් තොටුපොළේ විදෙස් සංචාරකයන්ට විශේෂ කවුන්ටර!

කොළඹ (LNW): විදේශ රටවල සිට මෙරටට පැමිණෙන සංචාරකයන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට ඇතුළුවන විට ඔවුනට සේවාවන් ලබා දීම සඳහා වි‍ශේෂ කවුන්ටර විවෘත කරන බව ආගමන හා විගමන පාලක ජනරාල් විසින් තහවුරු කර ඇති බව වාර්තා වේ.

විදේශ රටවල සිට පැමිණෙන සංචාරකයන්ට මෙලෙස විශේෂ කවුන්ටර විවෘත කිරීමට ගුවන් තොටුපළ කටයුතු කර තිබෙන්නේ, ජනාධිපතිවරයා විසින් පත්කරන ලද සංචාරක සංවර්ධන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද රෙකමදාරු මත ය.

කෙසේවෙතත්, ව්‍යාපාර පන්තිය (Business Class) සහ පළමු පන්තිය (First Class) සඳහා විශේෂ කවුන්ටර ක්‍රියාත්මක වීමක් ගුවන් තොටුපොළ තුළ තවමත් සිදු නොවන බව ද වාර්තා වේ.

කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මඟීන් ඇතුළු පාරිභෝගිකයන් මුහුණ පාන අත්දැකීම් සහ ඔවුන් දැඩි අපහසුතාවයකට පත්වන අන්දමින් ගුවන් තොටුපළ තුළ හටගන්නා සිදුවීම් පිළිබඳ පළමු අනාවරණය කරනු ලැබුවේ LNW විසිනි.

මේ පිළිබඳව කුමන හෝ ආකාරයකින් අවධානය යොමු වී බලධාරීන් ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කිරීම පිළිබඳව අප ස්තූතිවන්ත විය යුතුය.

පෙර ලිපිය:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan