*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත: යෝජකයින්ට සහ විරුද්ධවාදීන්ට නොවැටහෙන ‘ත්‍රස්ත නීති’ – (දිනේෂ් දොඩම්ගොඩ)

(මෙම ලිපියෙහි ලේඛකයා නීතිඥවරයෙකි, එමෙන්ම, එක්සත් රාජධානියේ ශ්‍රිවෙන්හැම්හි, රාජකීය යුධ හමුදා විද්‍යා විද්‍යාලයේ (ක්‍රැන්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ) ගෝලීය ආරක්ෂාව පිළිබඳ MSc හිමිකරුවෙකි.

දිනේෂ්, එක්සත් රාජධානියේ නිව්කාසල් අපෝන් ටයින් විශ්ව විද්‍යාලයේ සහ ස්කොට්ලන්තයේ, ශාන්ත ඇන්ඩෲස් විශ්ව විද්‍යාලයේ, ත්‍රස්තවාදය සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය පිළිබඳ මධ්‍යස්ථානයේ (CSTPV) හි ද ත්‍රස්තවාදය/ප්‍රතිත්‍රස්තවාදය පිළිබඳ පර්යේෂණ කටයුතු වල නියැලී ඇත.  එසේම ඔහු, 2011 දී, ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයේ, ඇමෙරිකානු ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති සැකසීම පිළිබඳ හැදෑරීමට ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ද දිනා ගත්තේය.)

                  ***************************** 

“ජීවිතයේ පරමාර්ථය වන්නේ බහුතරයකගේ පැත්තේ සිටීම නොව, උමතු වූවන් අතරට යාමෙන් ගැලවීමයි.”  – මාකස් ඕරෙලියස් ඇන්ටෝනිනස්.

 
මතභේදාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමේ මූලික අරමුණ ඇතිව රජය, 2023 මාර්තු 23 වැනි දින ගැසට් පත්‍රයේ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් (ATB) ප්‍රකාශයට පත් කළේය.  එහෙත්, මතුවූ විරුද්ධත්වය මධ්‍යයේ, රජය එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාද කළේය.

ATB හි පූර්විකාවෙහි වෙනත් දේ අතර සඳහන් වන්නේ, ත්‍රස්තවාදය, එහි විවිධ ස්වරූපවලින් සහ ප්‍රකාශනයන්ගෙන් ‘ජාතීන්ගේ ප්‍රජාවට’ තර්ජනයක් බවයි.  එබැවින්, ශ්‍රී ලංකාව පාර්ශවකරුවෙකු වී ඇති ත්‍රස්තවාදයට සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුව යමින්, ත්‍රස්ත ක්‍රියා සහ ඒ ආශ්‍රිත කටයුතු වලට එරෙහිව දේශීය වශයෙන් නීති සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකාව බැඳී සිටී. තවද, ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ දේශීය අවශ්‍යතා මත පදනම්ව, ත්‍රස්තවාදයට එරෙහිව අපරාධ යුක්තිය පසිඳලීම සඳහා ඵලදායී ක්‍රමයක් බලාත්මක කිරීමෙන්, දේශීය හා ජාත්‍යන්තර ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට සහ වැළැක්වීමට ශ්‍රී ලංකාව කැපවීමෙන් සහ කැමැත්තෙන් සිටී. මේ අනුව, පනත් කෙටුම්පතෙහි පූර්විකාවේ ප්‍රකාශිත පරිදි, ගෝලීය ත්‍රස්ත විරෝධී මෙවලම් යොදා ගැනීමේදී නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරමින්, ත්‍රස්ත විරෝධී / ප්‍රති ත්‍රස්ත ක්‍රියා මාර්ගවල ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ ශ්‍රී ලංකාවේ ගෝලීය වගකීම ඉටු කිරීම ATB හි අරමුණ වෙයි.

වැළැක්විය යුත්තේ කාගේ ත්‍රස්තවාදය ද? - (ගාමිණී වියන්ගොඩ)

රාජ්‍යයේ විධායකය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ හදිසි නීති බලතල අනිසි ලෙස භාවිතා කිරීමේ පසුබිම තුළ, ATB හි විරුද්ධවාදීන් එයට එරෙහිව කරුණු ඉදිරිපත් කර ඇත. ඒ අනුව, නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එල්ල වූ විරුද්ධත්වයට ප්‍රධාන වශයෙන් පදනම් වන්නේ, සුළු ජාතීන්ගේත්, ආණ්ඩුව විවේචනය කරන්නන්ගේත්, සහ විරෝධතාකරුවන්ගේත් අයිතිවාසිකම් ‘වධහිංසා වලට ලක් කිරීමේ සහ දණ්ඩමුක්තියේ සංස්කෘතියෙන්’ ආරක්ෂා කිරීමේ අරමුණයි.

ATB හි විරුද්ධවාදීන්ට අනුව, මෙම පනත් කෙටුම්පත මගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කළ හැකි නව වැරදි වර්ග හඳුන්වා දෙයි, විසම්මුතිය සහ විවේචන මැඩලීමට විධායකයට නව මෙවලම් ලබා දෙයි, නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට රැඳවුම් නියෝග ලබා දීමට හැකියාව ලබා දෙයි, ජනාධිපතිවරයාට අභිමතය පරිදි සංවිධාන තහනම් කිරීමට බලතල ලබා දෙයි,  සහ ජනාධිපතිවරයාට ඔහුගේ අභිමතය පරිදි යෝජිත පනත යටතේ නව රෙගුලාසි ඇති කිරීමට ද හැකියාව ලබා දෙයි!  තවද, පනත් කෙටුම්පතෙහි ‘ත්‍රස්තවාදයට සම්බන්ධ වැරදි’ පිළිබඳ ඕනෑවට වඩා පුළුල් අර්ථ දැක්වීම් සහ නොපැහැදිලි, නිර්වචනය නොකළ අංග  ද අඩංගු වන බව ATB හි විරුද්ධවාදීන් පෙන්වා දෙයි.

ඒ අනුව පාඨකයාට වැටහෙන පරිදි, ATB ට පක්ෂ සහ විරුද්ධ තර්ක, පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමන් හිට ගන්නා පැත්ත අනුව අගය කළ හැකිය. ඒ අනුව, එක් පැත්තකින්, ‘වධහිංසා වලට ලක් කිරීමේ සහ දණ්ඩමුක්තියේ සංස්කෘතියකින්’ පුරවැසි මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරම, අනෙක් පැත්තෙන්,  ත්‍රස්ත-විරෝධී ගෝලීය මෙවලම් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේ ප්‍රමිතීන් වැඩිදියුණු කළ යුතුය.  එහෙත්, මෙකී ප්‍රතිවිරුද්ධ අරමුණු දෙක අතර සමබර මායිම් රේඛාව ලකුණු කරමින්, එකී ප්‍රතිවිරුද්ධ අරමුණු අතර සමතුලිතතාවය සොයා ගන්නේ කෙසේද?


දූපත්වාසීන්ගේ මානසිකත්වය!

SHL1814pmd 740x493

1 ubwsN4502oත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් පුරවැසියන් ආරක්ෂා කිරීමේ රජය සතු වගකීම පරීක්ෂා කිරීමට පත් කළ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ (PCoI) අවසන් වාර්තාව මගින් ත්‍රස්ත විරෝධී සහ ප්‍රති-ත්‍රස්ත ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇති ‘දූපත්වාසීන්ගේ මානසිකත්වය’ ප්‍රදර්ශනය කෙරුණි. එහි අවසාන වාර්තාවේ 19 වන පරිච්ඡේදයේ ‘වගකීම’ යන ශීර්ෂය යටතේ, ත්‍රස්තවාදී ප්‍රහාර වැලැක්වීමට අපොහොසත් වීමට වගකිව යුතු සියලුම බලධාරීන් හඳුනා ගැනීමටත්, තම රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් වූ සහ නොහැකියාව හේතුවෙන් නිසි ක්‍රියාමාර්ග නොගත් බලධාරීන් හඳුනා ගැනීමටත් PCoI හට නියම කරන ලදී.

එකී කරුණු විමර්ශනය කිරීමේදී, සහ නිගමනය කිරිමේදී PCoI එහි නීතිමය පදනම් ලෙස මූලාශ්‍ර දෙකක් යොදා ගත්තේය: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 වැනි වගන්තියේ අර්ථය තුළ ඇති ලිඛිත නීති සහ පූර්වගාමී අධිකරණ තීන්දු එකී මූලාශ්‍ර දෙකයි.  එහෙත්, එකී මූලාශ්‍ර දෙකට පමණක් ප්‍රකාශිතවම සීමා වූ PCoI, ත්‍රස්තවාදයෙන් පුරවැසියන් ආරක්ෂා කිරීමට රාජ්‍යයේ වගකීම තක්සේරු කිරීමේ දී තීරණාත්මක වන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (එජාස) නිර්ණායක ගැන එක්කෝ නොදැන සිටියා විය හැකිය; නැතිනම්, එකී නිර්ණායක ගණන් නොගෙන සිටියා විය හැකිය. කෙසේ වෙතත්, එකී එක්සත් ජාතීන්ගේ නිර්ණායක PCoI විසින් බැහැර කිරීම කණගාටුවට කරුණකි.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC), එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ ශාඛාව (Terrorism Prevention Branch – TPB) විසින් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට ත්‍රස්ත ක්‍රියාවන්ගෙන් පුරවැසියන් ආරක්ෂා කිටීමට රාජ්‍යයට තිබෙන වගකීමේ ස්වභාවය අවබෝධ කර ගැනීම සඳහා ප්‍රමිතීන් 2006 වසරේදී නිර්දේශ කළේය. එම නිර්දේශ, අංක 60-175 (2006) දරන එක්සත් ජාතීන්ගේ මහා සභා යෝජනාව යටතේ, TPB විසින් සකස් කරන ලද අතර, “ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම: එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී මෙවලම් ක්‍රියාත්මක කිරීමේදී, නීති රීති පිළිබඳ ප්‍රමිතින් ඒකාබද්ධ කිරීමේ අපරාධ යුක්ති උපාය මාර්ගයක්” (“Preventing Terrorist Acts: A Criminal Justice Strategy Integrating Rule of Law Standards in Implementation of United Nations Anti-Terrorism Instruments,“) යන හිසින් යුත් ක්‍රියාකාරී පත්‍රිකාවක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2006 දී ප්‍රකාශයට පත් කරන ලදී. එය, ගෝලීය ත්‍රස්ත විරෝධී මෙවලම් ක්‍රියාත්මක කිරීමේදී අනිවාර්යයෙන් සිදු කළ යුතු නීතියේ ප්‍රමිතීන් ඒකාබද්ධ කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල ජාතික අධිකාරීන්ට උපදෙස් දීමේ කාර්යය සඳහා පහසුකම් සැලසීමට සම්පාදනය කරන ලද යෝජනාවලියකි.

අවාසනාවකට මෙන්, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ PCoI හි අවසාන වාර්තාව ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීම සඳහා රාජ්‍යයේ වගකීමේ ස්වභාවය තක්සේරු කිරීමේදී 2006 දී සකස් කරන ලද එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන් භාවිතා කළේද යන්න ප්‍රකාශිතව සඳහන් කර නැත.  එවැනි සඳහනක් නොමැති වීමට හේතුව, ත්‍රස්ත-විරෝධී නීතියේ බහු-විනය (multi-disciplinary)ස්වභාවයද විය හැකිය. ත්‍රස්ත විරෝධී නීති පිළිබඳ අවබෝධය ලබා ගැනීමට කෙනෙකුට අවම වශයෙන් සංකල්පීය කාච දෙකකින් සහාය දක්වන දැක්මක් තිබිය යුතුය: නීතිය පිළිබඳ දැනුම සහ ත්‍රස්තවාදයට/ප්‍රති-ත්‍රස්තවාදය පිළිබඳ විෂයානුබද්ධ දැනුම එකී සංකල්පීය කාච දෙකයි.

ත්‍රස්තවාදයට එරෙහි නීති

new act 2

2006 දී සකස් කරන ලද එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්, ත්‍රස්තවාදයෙන් පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය සතු වගකීම පෙන්වා දෙන අතර, එකී වගකීමේ ප්‍රධාන පදනම ලෙස පෙන්වා දී ඇත්තේ සෑම මනුෂ්‍යයෙකුටම ඇති ‘ජීවත්වීමේ සහජ අයිතිය’ යි. තවද, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 6 වැනි වගන්තිය ‘ජීවත්වීමේ අයිතිය’ සහතික කරන අතර, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 191 න් 150 කට වැඩි ප්‍රමාණයක් ICCPR හි එම වගකීම් පිළිගෙන ඇති අතර, එකී ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව ද  අත්සන් කර ඇත (එහෙත්, තවමත් ශ්‍රී ලංකාව ‘ජීවත්වීමට ඇති අයිතිය’ රාජ්‍යයේ නීතිමය වගකීමක් ලෙස පිළිගෙන නැත).

එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ ශාඛාව (TPB) විශ්වාස කරන්නේ ‘ජීවිතය ආරක්ෂා කිරීම’ යන්නෙන් අදහස් කරන්නේ ජීවිත හානි සිදු වීම වැළැක්වීම මිස, එකී ජීවිත හානි සිදු වූ පසුව වගකිව යුතු අයට දඬුවම් කිරීම නොවන බවයි.  එබැවින්, TPB අවධාරණය කරන්නේ, ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය සඳහා වන සූදානමට බාධා කිරීමට සහ එකී ක්‍රියා තහනම් කිරීමට නීතිමය ක්‍රියාමාර්ග අවශ්‍ය වන බවත්, ජීවිත හානි සිදුවීමකින් පසු අපරාධකරුවන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් කිරීම පමණක් නොව, ජීවිත ආරක්ෂා කිරීමට ද නීති අවශ්‍ය වන බවයි.  TPB පෙන්වා දෙන්නේ, ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය සඳහා ඇති සූදානම බාධා කිරීම සහ නැවැත්වීම සඳහා රාජ්‍යයක් විසින් ගත යුතු “ක්‍රියාකාරී නීතිය ක්‍රියාත්මක කිරීම” හෝ වේලාසනින් නීතිමය පියවර ගැනීමේ වගකීම පැන නගින්නේ ICCPR විසින් සහතික කරන ලද, පුරවැසියන් සතු ජීවත්වීමේ සහජ අයිතියෙන් බවත්, මේ අනුව, වඩාත්ම වැදගත් මූලික අයිතිවාසිකම වන ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා ත්‍රස්තවාදයට එරෙහි නීති සම්පාදනය කළ යුතු බවයි. එබැවින්, ත්‍රස්ත විරෝධී නීති මගින් ඉහළම මානව හිමිකම වන ජීවත් වීමේ පුරවැසියන් සතු සහජ අයිතිය ආරක්ෂා කිර්‍රිම අරමුණු කරන අතර, එසේ නොමැතිව, සමහර පටු අදහස් ඇති මානව හිමිකම් කණ්ඩායම් සිතන පරිදි, එකී ත්‍රස්ත විරෝධී / ප්‍රති-ත්‍රස්ත නීති ඇත්තේ එම ජීවත් වීමේ සහජ අයිතිය අහිමි කිරීමට නොවේ.


ත්‍රස්ත ක්‍රියා වැලැක්වීමේ අපරාධ යුක්ති උපාය මාර්ග

හරීන් ප්‍රනාන්දු ගෙන් බරපතල FB සටහනක් : 'කපටියා' කව්ද?

2019 අප්‍රෙල් 21 දින එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සන්දර්භය තුළ අප නිරීක්ෂණය කළ දෙය නම්, ශ්‍රී ලංකා ත්‍රස්ත-විරෝධී/ප්‍රති-ත්‍රස්ත වැඩපිළිවෙළ යනු හුදු තර්ජනයක් දකින විට හිතට දැනෙන ලෙස විවිධාකාර ප්‍රතිචාර දක්වන, මනා සම්බන්ධීකරණයක් නොමැති, දැනුමින් පොහොසත් නොවුණු, ඉදිරි දැක්මක් නොමැති ප්‍රතිචාර සමූහයක් බවයි. එහෙත්, ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ ශාඛාව විසින් යෝජනා කරන ලද ඉදිරි දැක්මක් සහිත, ‘ක්‍රියාශීලී නීතිය ක්‍රියාත්මක කිරීම’ හෝ ‘ත්‍රස්ත ක්‍රියා වැලැක්වීමේ අපරාධ යුක්ති උපාය මාර්ගයක්’ ශ්‍රී ලංකාවට අවශ්‍ය වන අතර, එවැනි ක්‍රියාමාර්ගයක් සඳහා බොහෝ මූලික කාරණා සපුරාගැනීමට අවශ්‍ය වේ: එනම්, වර්ගීකරණය කළ පුළුල් ත්‍රස්ත අපරාධ ක්‍රියා වර්ග පද්ධතියක්, එකී අපරාධ විමර්ශන කිරීමට බලතල සහ ශිල්පීය ක්‍රමයට අදාල සාක්ෂි නීති, සහ අන්තර් – රාජ්‍ය සහයෝගීතා යාන්ත්‍රණයක් ඒ සඳහා අවශ්‍ය වේ.  සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) මගින් සහතික කර ඇති ජීවත්වීමේ අයිතිය ක්‍රියාත්මක කිරීම සඳහා එවැනි ඒකාබද්ධ ප්‍රවේශයක් අවශ්‍ය බව, එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ ශාඛාව අවධාරණය කරයි.

# ත්‍රස්තවාදයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ ශාඛාව විසින් යෝජනා කරන ලද, ත්‍රස්තවාදය වැළැක්වීමේ අපරාධ යුක්ති විනිශ්චය උපාය මාර්ගයක විෂය පථය සහ මූලිකාංග මගින් පළමුව අවධානය යොමු කරන්නේ ‘වරද හඳුනා ගැනීම’ කෙරෙහි ය: ඒ අනුව, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරමින්, ICCPR ට අනුකූලව, ත්‍රස්තවාදී ක්‍රියාවන් පිළිබඳ අපරාධ නීතියට අදාල ගෝලීය ත්‍රස්ත විරෝධී සම්මුතීන් සහ ප්‍රොටෝකෝල මගින් ස්ථාපිත කර ඇති බරපතල වැරදි පිළිබඳ පුළුල් වර්ගීකරණ පද්ධතියක් සකස් කිරීම, ත්‍රස්තවාදී මූල්‍යකරණය අනිවාර්ය අපරාධකරණයට ලක් කිරීම, ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධකම් දැක්වීම සහ ඒ සඳහා කුමන්ත්‍රණ කිරීම, ත්‍රස්තවාදී වැරදි සඳහා සහාය දැක්වීම (නීත්‍යානුකූලභාවය පිළිබඳ මූලධර්මය; එජාසං යෝජනා අංක. 1373), ත්‍රස්තවාදී ක්‍රියාවන්ට දඬුවම් කිරීම, ත්‍රස්තවාදයට උසිගැන්වීම (ICCPR වගන්ති 20; ආරක්ෂක මන්ඩල යෝජනා 1373 සහ 1624), ත්‍රස්තවාදය සඳහා උසිගැන්වීම් වැරදි මගින් බලපෑ හැකි සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් (ICCPR Art. 18 – 19), ප්‍රකෝප කිරීම්/උසිගැන්වීම් පිළිබඳ යුරෝපීය කවුන්සිලයේ නිර්වචනය, ප්‍රචණ්ඩත්වයට පෙළඹවීම, බඳවා ගැනීම් සහ ත්‍රස්තවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් විකල්ප ක්‍රියා පටිපාටින් සඳහා පවතින නීති, ත්‍රස්තවාදයට අදාළ ලිපි හෝ දැනුම සන්තකයේ තබා ගැනීම සහ ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ පුහුණු කිරීම සහ වෙනත් ආකාරයට ත්‍රස්තවාදීන් සමග සබඳකම් පැවැත්වීම යනාදිය මූලික ලෙස එයට ඇතුළත්ය.

# දෙවනුව, නීතියෙහි ‘ක්‍රියාපටිපාටික රාමුව’ වැඩිදියුණු කිරීම් කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර, ඒ අනුව, ත්‍රස්තවාදය වැලැක්වීමේ ශාඛාව (TPB) අවධාරණය කරන්නේ, නීතියේ ආධිපත්‍යය තුළ ක්‍රියා කරමින් හරයාත්මක හා ක්‍රියා පටිපාටික යාන්ත්‍රණයන් ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය, ප්‍රජා සහයෝගීතාවය හරහා තොරතුරු ලබා ගැනීම, ජාතික ආරක්ෂක බුද්ධි තොරතුරු සාක්ෂි බවට පත් කිරීම,  රාජ්‍ය ප්‍රතිපත්ති අනුව රහසිගත මෙහෙයුම් වලට ඉඩ සලසන පාලනයක් තිබීම, රැඳවුම් කාලය (වගන්ති 9-3 ICCPR, සාමාන්‍ය විවරණ 8, මානව හිමිකම් කමිටුව), ප්‍රශ්න කිරීම (ICCPR වගන්ති. 7; වධහිංසාවට එරෙහි සම්මුතිය වගන්ති 1), සාක්ෂි නීති නියාමන මගින් සාක්ෂි දිරිගැන්වීම්, ත්‍රස්ත මූල්‍ය විරෝධී ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම,  රාජ්‍ය නොවන සංවිධාන අනිසි ලෙස භාවිතා කිරීම සහ මතවාද ප්‍රචාරය ගැන නීති සැකසීම එමගින් ආවරණය කෙරේ.

# තෙවනුව, එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ ශාඛාව විසින් සහතික කර ඇති පරිදි, සාර්ථක ගෝලීය ත්‍රස්ත විරෝධී උපාය මාර්ගයක පදනම ලෙස, ජාත්‍යන්තර සහයෝගීතාව සාක්ෂාත් කර ගැනීම සඳහා විමර්ශන, සාක්ෂි ලබා ගැනීම, සහ උදර්පණය සඳහා දැනට පවතින ගෝලීය ත්‍රස්ත-විරෝධී මෙවලම් දේශීය නීතිය මගින් අනුමත කර ක්‍රියාත්මක කළ යුතුය.  ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා අවශ්‍ය නෛතික පදනම් ඇති කිරීම සඳහා ජාත්‍යන්තර ආධාරක යාන්ත්‍රණ සංවර්ධනය කිරීම, ද්විත්ව අපරාධ ගැටළු විසඳීම, අන්තර් රාජ්‍ය සහයෝගීතාවයේ වෙනත් විධිමත් කිරීම්, මූල්‍ය හා දේශපාලන වැරදි ව්‍යතිරේක අඩු කිරීම, මානව හිමිකම් ක්‍රියාකාරීව සංවර්ධනය කිරීම, සරණාගතයන් සහ සරණාගත කටයුතු, සහ ත්‍රස්තවාදීන්ට ආරක්ෂිත තෝතැන්නක් රට තුළ ඇති කිරීම ප්‍රතික්ෂේප කිරීම කෙරෙහි ද ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතුය. 

ජීවත්වීමේ සහජ අයිතිය

64700032 1485173744940914 5661672352543408128 n

යෝජිත ත්‍රස්ත-විරෝධී පනත් කෙටුම්පතේ (ATB) මූලික අඩුපාඩුව නම්, ජීවත්වීමට ඇති සහජ අයිතිය ATB හි මූලික නෛතික හා සදාචාරාත්මක පදනම ලෙස පිළි නොගැනීම සහ ඒ නිසා, බොහෝ ආකාරවලින්, ATB පූර්විකාවේ ප්‍රකාශිත පරමාර්ථයෙන් පනත් කෙටුම්පත ඈත් වීමයි. ගෝලීය ත්‍රස්ත විරෝධී මෙවලම් ක්‍රියාත්මක කිරීමේදී, නීතියේ ආධිපත්‍ය ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් අනුගමනය කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ ශ්‍රී ලංකාවේ ගෝලීය වගකීම ඉටු කිරීමට නම්, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) මගින් සහතික කර ඇති ජීවත්වීමේ සහජ අයිතිය බලාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

සමහර රටවල් ජීවත්වීමේ අයිතිය ව්‍යවස්ථාපිතව සහතික කරන අතර, තවත් රටවල් එසේ නොකරයි.  නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, නවසීලන්තය සහ ඉන්දියාව ජීවත්වීමේ අයිතිය සහතික කරයි.  කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජීවත්වීමේ අයිතිය ප්‍රකාශිත ලෙස පිළිගෙන නැත.  එපමණක් නොව, 2007 අංක 56 දරණ ICCPR පනත පවා ජීවත්වීමේ අයිතිය පිළිගෙන නැත.  එහෙත්, යෝජිත ත්‍රස්ත-විරෝධී පනත් කෙටුම්පතේ ප්‍රකාශිත අරමුණ වන්නේ, ගෝලීය ත්‍රස්ත-විරෝධී මෙවලම් ක්‍රියාත්මක කිරීමේදී නීතියේ ආධිපත්‍යය ඇති කිරීම සඳහා වන ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම බැවින්, ATB මගින් ජීවත්වීමේ සහජ අයිතිය සහතික කළ යුතුය;  නැතහොත් යෝජිත ATB සතුව නොමැති ගුණාංග හෝ ගෝලීය ප්‍රමිතීන් ගැන බොරු පුරසාරම් දොඩවන්නේ නැතිව, එකී පුරසාරම පනත් කෙටුම්පතේ පූර්විකාවෙන් අත්හැර දැමිය යුතුය.

xfhge56

අනෙක් අතට, ATB ට විරුද්ධ මානව හිමිකම් කණ්ඩායම්, පුරවැසියන්ගේ අයිතීන් නංවාලීමට අවංකව සටන් කරන්නේ නම්, එය ඉටු කිරීම සඳහා ඔවුන් ගතානුගතික මූලික අයිතිවාසිකම් කට්ටලයක් වටා කරකැවෙන්නේ නැතිව, ජීවත්වීමේ සහජ අයිතිය පිළිබඳ සටන් පාඨය ඉදිරියට ගෙන ආ යුතුය.  ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට භුක්ති විඳීමට ඇති අයිතිවාසිකම් පිළිබඳ ප්‍රමිතීන් ඉහළ නැංවීමේ නව ප්‍රගතියක් ලබා ගැනීමට එමගින් හැකිය.

අවසාන සටහනක් ලෙස, මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිළිබඳ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ පිළිබඳ මූලික රාමුවක් වන ‘විශේෂිත මානව හිමිකම් ගැටළු: නව ප්‍රමුඛතා, විශේෂයෙන් ත්‍රස්තවාදය සහ ප්‍රති-ත්‍රස්තවාදය’ – එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී පත්‍රිකාවේ 24 ඡේදය උපුටා දැක්වීමට මම කැමැත්තෙමි.  ඒ අනුව, 2005 ජූනි 22 වැනි දින, මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්‍ෂා කිරීම පිළිබඳ උප කොමිසමේ ත්‍රස්තවාදය සහ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු විසින් දක්වන පරිදි:

“ත්‍රස්තවාදය මැඩලීමේ ජාත්‍යන්තර ක්‍රියාමාර්ගය ත්‍රස්තවාදය හෝ ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුය.  ඒ අනුව, හැකිතාක් දුරට, ජාත්‍යන්තර ක්‍රියාමාර්ග මගින් තනි පුද්ගල ත්‍රස්ත ක්‍රියාවකට හෝ ත්‍රස්තවාදී ක්‍රියා මාලාවකට පසු ප්‍රතිචාර දැක්වීමට හෝ පසු විපරම් කිරීමට වෙනුවට, ඉදිරි දැක්මක් ඇති පුර්ව, ත්‍රස්ත ක්‍රියා වළක්වා ගැනීමේ උපාය මාර්ග සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.”

ඒ නිසා අපි, සම්ප්‍රදායික කොටුවෙන් පිටත ගොස් සිතා බැලිය යුතුය!

(දිනේෂ් දොඩම්ගොඩ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan