*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

රු. මිලියන 1000ක වන්දියක් ඉල්ලා මෛත්‍රීගෙන් අමරවීරට එන්තර වාසියක්!

කොළඹ LNW: හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රු. මිලියන 1000ක වන්දියක් ඉල්ලා අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත එන්තරවාසියක් නිකුත් කර තිබේ.

වංචා දුෂණ චෝදනා වලට ලක්ව නොමැති තැනැත්තෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගේ ගෞරවයට පාත්‍රව සිටින තැනැත්තෙක් ලෙස මහින්ද අමරවීර මහතා සිතා මතාම පසුගිය 22 වැනි දින සිය සේවාදායකයාට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දී ඇති බවටයි සිරිසේන මහතාගේ නීතිඥවරිය එම එන්තරවාසිය හරහා පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව උක්ත වන්දි මුදල අද සිට දින 14ක කාලයක් තුළ ගෙවාදමන ලෙසත් එසේ කටයුතු නොකරන්නේ නම් අමරවීර මහතාට එරෙහිව නඩු පවරන බවටයි එහි වඩිදුරටත් දක්වා ඇත්තේ.

JAYAMUDITHA JAYASOORIYA L L.B (Hons) (Colombo)

Attorney-at-Law & Notary Public 

Commissioner for oaths & Registered Company Secretary 

No. 174, Hulftsdorf Street,Colombo 12.

Mobile : 077 – 7790064                                                         

E-mail : [email protected]               

  2024.04.25

ලියාපදිංචි තැපැලෙන් සහ කුරිය සේවාව මගින්

මහින්ද අමරවීර මහතා,

අංක බී 63. මහගම සේකර පාර,කොළඹ 07.

මහත්මයානෙණී,

මාගේ සේවාදායක, කොළඔ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ අංක 77 සී නිවසේ පදිංචි ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ලියා දක්වන වග නම්,

මගේ සේවාදායක ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වසර 50කට ආසන්න කාලයක් ක්‍රීයාකාරී දේශපාලනයේ යෙදුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කල සහ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිධූරය හොබවන ලද අයකු වේ. එතුමා මහවැලි, පරිසර සහ සෞඛ්‍ය වැනි වගකිවයුතු අමාත්‍යංශ ගනනාවක අමාත්‍යධූර දරමින් මේ රටට විශාල සේවයක් සිදු කොට ඇත. මෑත කාලයේදී සිදු කල දැවැන්ත ම ව්‍යාපෘතියක් වන මොරගහකන්ද වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය නායකයෙකි. 

ඔබ 2024 අප්‍රේල් 22 වන දින ප්‍රසිද්ධ මාධයට ප්‍රකාශකරමින් මාගේ සේවාදායක සම්බන්දයෙන් පහත ආකාරයට ප්‍රකාශකරන ලදී.

“නිකන්ම රස්තියාදු කණ්ඩායමකුත් එකතු කරගෙන තමයි ඊයේ රැස්වීමක් පවත්වලා තියෙන්නේ, ඒක  සම්පූර්ණ  අනීතිකයි. ඒ වගේම අධිකරණයට අපහස කිරීම, එතනට මෛත්‍රීපාල සිරිසේන මහත්තයට සම්බන්ධ වෙන්න කිසිම හැකියාවක් නෑ. වැඩ බලන ලේකම්වරයා දුෂ්මන්ත මිත්‍රපාල අධිකරණට අපහාසයක් කරලා තියනවා. අපි ඉදිරියේදී මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාවලියකට යොමු වෙනවා. ඒ වගේම ඊයේ තිබුණු අනීතික රැස්වීමේ සම්පූර්ණ මැදිහත්වීම කරලා තියෙන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව  වෙනුවෙන් පත්කරලා තියෙන ඒ ආරක්ෂක කණ්ඩායම. කණ්ඩායමකට එන්න දීල නෑ, තර්ජනය කරලා තියෙනවා. පක්ෂයේ හිටපු සභාපතිවරයා මේ පක්ෂය දැන් වෙන්දේසි කරනවා. දැන් පසු ගිය දවස් වල එතුමා මුන ගැසුණා ලංකාවේ ඉන්න ප්‍රබලම ව්‍යාපාරිකයෙක් ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලනවා කියල ප්‍රකාශයට පත් වෙච්ච, ඒ වෙලාවේ මෙතුමාගේ ඉල්ලීම මොකද්ද? මිලියන සීයක් එතුමාට තරග කරන්න මේකට දෙන්න කියලා, අපි ඒක විමසුවා  පක්ෂයේ හිටපු සභාපතිවරයා  හමුවුණු වෙලාවක  මෙහෙම හමුවීමක් සිදු උනාද කියලා, ඔහු එය පිලිගත්තා. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් එහෙම කට අරගෙන කිවුවේ ආණ්ඩුවේ අය ඉන්න නිසාය කියලනේ අපිට චෝදනා කලේ. දැන් එතුමා රෙදි ඇඳගෙනද දන්නේ නෑ  මහාචාර්යකමේ ඉඳගෙන කතා කරන්නේ. දැන් ඇමතිවරයෙක් නෙමෙයිද පත් කරලා තියන්නේ. එතකොට මහාචාර්යතුමාට කියක් හමු වෙලාද මේ කටයුත්ත යෝජනා කරන්න. මේක ස්ථිරකල එක්කෙනාට කොච්චර හම්බුනාද? නඩු හාරසිය ගාණක් තියෙන පුද්ගලයෙකුගේ ළඟ අධිකරණ ඇමතිවරයා වාඩි වීමම රටේ ජනතාවට ප්‍රශ්නයක් , අපෙන්ම අහනවා. ”

( හිරු ප්‍රවෘත්ති 6.55 , හිරු ටීවී ) 

එසේම  මව්බිම පුවත්පතටද 2024/04/24 වන දින මෙබඳුම ප්‍රකාශයක් සිදුකර තිබෙන බවට මා වෙත උපදෙස් ලැබී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා දේශපාලනයට පැමිණ එම පක්ෂයේ බොහෝ තනතුරු දැරූ තැනැත්තෙකු වශයෙන් ඔබ ඉහත සදහන් ප්‍රකාශය මුලුමනින්ම අසත්‍යක් බව දැන දැනම කරන ලද ප්‍රකාශයකි. ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති තනතුර හොබවා වර්ථමානයේ පොළොන්නරුවේ ජනතාව තෝරාපත්කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන මේ රටේ බොහෝ ජනතාවගේ ගෞරව ආදරයට පත් කීර්තිමත් පුද්ගලයකු වශයෙන් එකී ප්‍රකාශය මගේ සේවාදායකට සෟජු සහ වක්‍ර ලෙස අපහාස කිරීමට කරන ලද බව දන්වා සිටී. මාගේ සේවාදායක කිසිදු තැනැත්තෙකුගෙන් කිසිදු මුදලක් ඉල්ලා නොමැති බවත්, ඔහු වංචා දුෂණ චෝදනා වලට ලක්ව නොමැති අයකු වබත් දැන දැන ඔබ විසින් ඉතා වෛරී සහගත සහ ද්වේශ සහගතව එම ප්‍රකාශය ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ කිරිම සහ පළ කිරීම නිසා දැඩි චිත්ත පීඩාවන් වලට මුහුණ දීමට සුදුව ඇත. ඔබගේ ප්‍රකාශය මෙරට බොහෝ ප්‍රසිද්ධ මාධ්‍ය වල මෙන්ම සමාජ මාධ්‍යවල විශාල වශයෙන් පල වු අතර මාගේ සේවාදායක දුෂණවලට සම්බන්ද අයකු ලෙස මතයක් ඔබ ගොඩ නගා ඇත. එමගින් මාගේ සේවාදායකට සිදුවී ඇති අලාභය හෝ වන්දිමුදල රුපියල් මිලියන දහසක් (රුපියල් මිලියන 1000) ලෙස මාගේ සේවාදායක තක්සේරු කර සිටී.

එකී කරුණු අනුව එකී අලාභය හෝ වන්දි මුදල වන රුපියල් මිලියන 1000 ක මුදල අද දින සිට දින 14ක් අතුලත මාගේ සේවාදායක වෙත ගෙවන මෙන් මෙමගින් දන්වා සිටින අතර ඔබ එසේ ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් එකී මුදල සහ එ් මත නෛතික පොලිය අයකර ගැනීම සදහා ඔබට එරෙහිව නඩු පවරණු ලබන බව වැඩිදුරටත් දන්වා සිටිමි.

   නීතිඥ ජයමුදිතා ජයසූරිය


ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan