මහින්දට පක්ෂව අත්සන් 35යි. චමල් අත්සන් කරලාත් නැතිලු – මුජිබර්

දැනට ලැබෙන ආරංචිමාර්ග අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය ඇතැයි පෙන්වීම උදෙසා අත්සන් එකතු කිරීමේදී ඊට ලැබී ඇත්තේ අත්සන් 35ක් වැනි සංඛ්‍යාවක් පමණක් බවත් ඊට චමල් රාජපක්ෂ මහතා පවා අත්සන් කර නොමැති යැයි පැවසෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

“දැන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතරත් ගැටුමක් තියෙනවා කියලා ආරංචියි. අගමැති කාර්යාලය උත්සාහ කරනවා බහුතරය තියෙනවායි කියලා පෙන්නන්න. ලැබෙන තොරතුරු අනුව නම් දැනට 35ක් වගේ තමයි අත්සන් කරලා තියෙන්නෙ. පවුලේ ඉන්න අයවත් ඇවිල්ලා අත්සන් කළේ නැහැයි කියන එක තමයි දැනට තියෙන ආරංචිමාර්ග. අයියා අත්සන් කළේත් නැහැලු. අපට දැන් පේන්න තියෙන්නෙ ජනාධිපතිතුමාගේ නිලයේත් ආණ්ඩුවේත් ආයුෂ එන්න එන්නම කෙටි වේගෙන යනවා. තවත් මේ රට අගාධයට නොහෙළා අයින් වෙන්න කියන පණිවිඩය තමයි අපටත් දෙන්න තියෙන්නෙ”

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...