*
Friday, April 25, 2025
spot_img

Latest Posts

අශෝක ජයතුංග: e කොළම.

🍎මාළිමා ආණ්ඩු සමයේ පළමු දේශපාලන බිල්ල…..?

🍎පාස්කු මහමොළකරු එළිකරන බවට මහා පචයක්….. ?

🍎මාළිමාව නොදිනන ඒවාට සල්ලි නොදෙන බවට තවත් පචයක්……?

🍎බුදු දහම දේශපාලනයට කඩේ යැවූ රාජපක්ෂලා දළදාව කඩේ නොයැවීම…..?

🍎ජනාධිපතිගේ මව්තුමියට සිදුකළ අසාධාරණය……?

🍎රන්වියන තනා, ජවිපෙ බෝමිබ ගසා වැනසූ මාළිගාව හැදු ප්‍රේමදාසගේ පුතුට ළදරු නි: ඇමති කොචොක් දැමීම…..?

🍎නැතිබව කී VIP පෝළිම් හා මුල් වරට VIP පැය 03 කුත්…..?

🍎ජවිපෙ වයසට ගිහින් හෝ පන්සිල් රැකීම හොදයි. දළදාවට බෝම්බ ගහපු එකට ජාතියෙන් සමාව ගත්තා නම් තවත් හොදයි.

🍎159 ලවා ජයමංගල ගාථා කියවන්න මාළිමාවට යෝජනාවක්.

🍎චීනයට පසු ලොව බලවත්ම ආණ්ඩුව ලංකාවේ. ලිපිය ඇරපු ගමන් ට්‍රම්ප් බදු හැකිලුවා…..?

🍎රනිල් ගේ ආර්ථික විග්‍රහය හා ආසියානු බැංකුවේ බියකරු අනාවැකි…..?

🍎බංකොලොත් වූ සියලු රටවල් තාම එහෙමමයි. ලංකාව ගොඩදාපු රනිල් එළවලා රට අනාථ කළා..?

🍎හර්ෂට අඩන්න එපා යයි කියමින් ජනපති ඇඬීමේ රහස..?

🍎මාළිමාව රටේ පාළනය ගැන හිතුවෙ ලනුවෙන් පිටඉදන් ක්‍රිකට් ගහනවා වගෙයි…..?

🍎මෙම ඡන්දයේදී මැකො හා නිරීක්ෂකයන් මියයාම…..?

[අප්‍රේල් 21 පාස්කු විපතට වසර 06 පිරෙන දා මහමොළකරු එළිකරන ප්‍රතිඥාවක් ජනපති අනුර ලබාදී තිබිණ. එයද මහා පචයක් බවට පත්වීම කාදිනල් හා කතෝළිකයන් මාළිමාව ගැන තැබූ විශ්වාසය බිඳ හෙළීමකි. පාස්කු විපත ආණ්ඩුව හා කාදිනල් ඉදිරියට බැලන්ස් කරගන්නේ කෙසේද යන්න ඊලඟ ගැටලුවය. තවද මාළිමා සමයේ සිදුවූ පළමු දේශපාලන බිල්ල ඩෑන් ද. එය වෙනත් හේතුවක්ද යන්නත් පරීක්ෂණ හරහා රටට ඒත්තු ගැන්වීම ආණ්ඩුවේ පුමුඛ වගකීමකි.

වසර 16 කට පසු දළදා වන්දනාවට ඉඩ සැළසින. දීර්ඝ කලක් එම වන්දනාවට ඉඩ ලබා නොදීම ගැන දියවඩන නිළමෙ දැක්වූ හේතු විසුළු සහගතය. බුදු දහම දේශපාලනය වෙනුවෙන් කඩේ යැවීමේ පිකාසෝලා රාජපක්ෂලාය. එහෙත් ඔවුන් දළදාව කඩේ යැව්වේ නැත. 2009 යුද ජයග්‍රහණය සමග මිසක ඡන්ද අල්ලා දළදා වන්දනාවක් සංවිධානය කළ එකම අවස්ථාව මෙවරය.

පන්සල් වදින විට මාධ්‍ය ගෙනයාම  පලු ඇරි අනුර ජනපති රාජපක්ෂලා ද නොකල අන්දමෙන් ඡන්දයක් අතලග දළදා වන්දනාවක් සංවිධානය කළේ දේශපාලන වාසි ලැබේ නම් ඔිනම පහත් වැඩක් කිරීමට සූදානම් බව පසක් කරමින් බව පවතින පොදු විග්‍රහයය.

“දළදා වන්දනාව තියපු එක හොදයි. දළදාවට බෝම්බ ගැසීම ගැන ජාතියෙන් සමාව අරන් මේක කළා නම් වඩා හොදයි “ රනිල්  කීවේ එහෙමය.

ජවිපෙ අය ඔය වයසට හරි පන්සිල් ගැන අවධානය දැක්වීම හොදයි. ජයමංගල ගාථා කියන්න රට වැටෙන විදියේ මුදලක් යයි නම් 159 ලවා ජයමංගල ගාථා කියවන්න” රනිල් ඇදලා ඇරියේය.

“ඔබතුමාට පෝළිමේ නොයිද වදින්න යන්න අයිතියක් තියෙනවා” මල්වතු අනුනාහිමි සජිත් හා ජලනිට කීවේ එහෙමය.

“මිනිස්සු පෝළිමේ යන එකේ අපි යන එක හරි නෑ” සජිත් කීය.

සජිත්ටත් දළදා වදින්න ඕන නම් පෝළිමේ එන්නඇදගෙන නාන ළදරු නි: ඇමතියෙක් කීවේය.විපක්ෂ නායක රටේ කීවෙනි පුරවැසියා ද යන බව හා ආර්. ප්‍රේමදාස දළදාවට රන්වියන සවි කල හැටි හා 89 ජවිපෙ බෝම්බ ප්‍රහාරයෙන් පසු මාළිගාව යළි ගොඩනැගූ හැටි හදාරනවා නම් එය මාළිමාවේ දැනුම වර්ධනයට හොදය.

දළදා වන්දනාවට VIP පෝළිම් නැති බව කීව ද එවැනි පෝළිමක් තිබිණ. තවද කිසිදා නොතිබූ VIP පැය 03 ක් තිබීම ද අරුමයකි. ජනපතිගේ මව එම අවස්ථාවට සහභාගී කර නොගෙන එතුමිය වෙනමම ගෙනැවිත් පෝළිමේ සිට දළදාව වැන්දා යැයි  කැම්පේන් කර පටු අවස්ථාවාදය වෙනුවෙන් යොදා ගැනීමට මාළිමාව බංකොලොත්වීම ගැන සමාජ මාධ්‍ය වල ප්‍රහාර දියත්වීම මාළිමා නායකයන්ගේ ආධුනික වැඩ  වලට නිදසුනකි. තවද එතුමිය දළදා වදින්නට නොපැමිණි බව ද කියවේ.

“මාළිමාව නොදිනන ආයතන වලට සල්ලි දෙන්නෙ නෑ” ජනපති පහත් ප්‍රකාශයක් කළේය.වැඩේ ජෝන් බාස්ට ගිය බව වටහාගෙන එය සුද්ද කරන්නට ගොස් තවත් අනාගත්තේය.පළාත් ආයතන දුවනුයේ ප්‍රදේශයේ බදු, දඩ හා සෙසු ආදායම් වලින් මිස මධ්‍යම රජයෙන් නොවන නිසා ජනපති එතනදීද කීවේ බොරුවක් බවට විග්‍රහ වේ.

“වෙනදා වචනයක් පසුපසත් හඔායන මැතිවරණ කොමිසම හා පැපරල් ඇතුළු මහා ප්‍රජාතන්ත්‍රවාදීහු මෙම මැතිවරණයේදී මිය ගිහින්” බොහෝ අය දැන් කියන්නේ එහෙමය.

“2024 දි 05% ක වර්ධනයක් ලැබූ ලංකාව 2025 දි 3.9% ට හා 26 දි 3.4% ට වැටෙන බව ආසියානු සංවර්ධන බැංකුව කියනවා. ඒ වේගය 2028 ණය ගෙවීමට ඉතා මදි.එල්බෝඩ්කාරයො දාගෙන බෑ  කිව්වට ඇහුවෙ නෑ” රනිල් කියා තිබිණ.

“චීනෙට පසු ලොව පුබලම ආණ්ඩුව ලංකාවේ. ලිපියක් ඇරපු ගමන් ට්‍රම්ප් බදු හැකිලුවා” රනිල් කීය.”බංකොලොත් වූ වෙන රටවල් තාම එහෙමමයි. රනිල්ට පින්සිදු වෙන්න ලංකාව ගොඩගියා. එහෙම මිනිහ එළවල රට අනාථ කළා” රාජිත ඇදලා ඇරියේය.”ශීතාගාරය හදන්න මුල්වූ හර්ෂට අඩන්නට එපා කියල ජනාධිපති අඩන එකයි පුදුමෙ” හර්ෂට ආ ඇමතුම් රැසකින් කියවුණේ එවැන්නකි.

“උගන්ඩා සල්ලි ගේනකම් මම ඒ වෙනුවෙන් හැප්පෙනවා” නාමල් අලුත් අභියෝගයක් ආණ්ඩුවට එල්ල කළේය.

“මාළිමාව රටේ පාළනය ගැන හිතුවෙ ලනුවෙන් එහා ඉදන් ක්‍රිකට් ගහන්න උපදෙස් දෙනවා වගෙයි” සුජීව සේනසිංහ කීවේ සිනා මැදය. 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan