නිශ්මං රණසිංහ අප්‍රේල් 25, කොළඹ LNW:
ගෙවුණු අවුරුදු 18 න් පහළ ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේදී ජය ගත් ක්‍රීඩකයන් ගැන මෙන්ම තරගාවලියට සහභාගි වී තරගයට සහභාගි වීමට නොහැකි වූ ක්‍රීඩකයින් ගැන ද කතා බහ කරන අතරේ අප අවධානය යොමු කළේ තරගාවලියට සහභාගි වූවේනම් පදක්කමකට යා හැකිව තිබූ එහෙත් තෝරා නොගත් ක්‍රීඩකයින් සිටිනවාද යන්නයි.
තෝරා නොගැනීම් ගැන විවිධ හේතු තිබිය හැකියි.එයට ප්‍රධාන වශයෙන් කණ්ඩායම සීමාවීමට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලබා දෙන ප්‍රතිපාදනවල අඩුවද හේතුවක් වෙනවා.එසේම ඒ සහභාගි වූ අතැම් ක්‍රීඩක ක්‍රිඩිකාවන් වෙනුවෙන් බර පැන දැරීමත් මලල ක්‍රීඩා සංගමය විසින් කළ බවත් අප දන්නවා.එසේම මලල ක්‍රීඩා සංගමය විසින් දෙනු ලැබූ පරිසාධන මට්ටම ඉක්මවා නොයාමද නොතේරෙන්නට හේතු වන බවත් අප දන්නවා.
මේ සියල්ල පිළි ගනිමින් මෙවර ආසියානු මට්ටමෙන් අවුරුදු 18 න් පහළ රන් පදක්කමක් එම තෝරා ගැනීම සිඳු කළ පරිසාධන මට්ටමෙන් මෙපිට අගයකට හිමි වී තිබෙන බව අවුරුදු 18 න් පහළ ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේ ප්‍රතිපල ලේඛණයන් නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබෙනවා.මිටර් 4.50 ක උසක් බාලක රිටි පැනීමේ පරිසාධන මට්ටම ලෙස දක්වා තිබුණ අතර ඒ නිසා එම තරගය ජය ගත් බෝපිටිය ලොයෙලා විදුහලේ සෙනෝද් ඩිලන්ද ට වාර්තා කිරීමට හැකියාව ලැබුණේ මීටර් 4.30 ක් පමණක් වීම නිසා එම ඉසව්වට සහභාගි වන්නට නොහැකි වෙනවා.එහෙත් මෙම ආසියානු යොවුන් තරගාවලියේදී පිරිමි රිටි පැනීමේ ඉසව්වේ රන්,රිදී සහ ලෝකඩ යන පදක්කම් ත්‍රිත්වයම හිමිව ඇත්තේ මීටර් 4.20 ක උසට බව ප්‍රතිපල ලේඛණය පැහැදිළි කරනවා.
මෙම තිදෙනාගෙන් දෙදෙනෙක්ම දැක් වූ මීටර් 4.20 ක දක්ෂතාවය ඔවුන්ගේ හොඳම දක්ශතාවයද වෙනවා.රිදී පදක්කම ලැබූ කටාර් ක්‍රීඩකයා පමණක් සිය උපරිම දක්ෂතාවය ලෙස මීටර් 4.75 ක් වාර්තා කරනවා.එසේනම් ශ්‍රී ලංකාවේ රිටි පැනීම සඳහා තේරීම මීටර් 4.50 ක් වූයේ ඇයි යන්න විමසා බැලිය යුතුය.
රිටි පැනීම ඉසව්ව ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව තුළ ජාත්‍යන්තර අවස්ථා අඩුවෙන් ලැබෙන ඉසව්වක් වන අතර ඒ සම්බන්ධයෙන් හොඳ අතට මෙන්ම නරක අතට ද අත්දැකීම් ඇත.ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා මලල ක්‍රීඩා සභාපතිව සිටියදී මේ රිටි පැනිමේ ඉසව්ව සඳහා දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල නියෝජනය කළේය.එහිදී ඉෂාර සඳරුවන් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.එසේම එම අවධියේ ලද තවත් ජාත්‍යන්තර තරග අවස්ථාවකදී ද,ඉෂාර ජයග්‍රහණයන් අතරට පැමිණි බවද අපට මතකය.
ඉන් අනතුරුව යළිත් මේ ඉසව්ව දෙස යහපත් බැල්මක් බලධාරීන් විසින් යොමු නොකළ බව ඇත්තකි.එක දිගට ජාතික වාර්තාව බිඳ දමමින් සචිනි පෙරේරා දස්කම් දක්වදිදිත් ඇයට කිසිඳු ජාත්‍යන්තර තරග අවස්ථාවක් නොලැබි අතර එහි ප්‍රතිපලයක් ලෙස ඇය විදේශ රටක දරුවෙකු බලා ගන්නට යොමු වූවාය.ඒ ලංකාවේ ජාතික වාර්තාව එක දිගට බිඳ දැමීම සම්බන්ධයෙන් ඇයට උරුම වූ වෘත්තීය ය.
ඉනික්බිති දමා තිබු පරිසාධන මට්ටම ඉක්මවමින් යොවුන් තරගාවලියට ඉදිරිපත් වීමට තුෂේන් සිල්වා සමත් විය.එහෙත් ඔහුට තරගයට රිට රැගෙන යාමටවත් ඉඩක් නොලැබි අතර එහෙත් ඔහු එම තරගාවලිය රිදී පදක්කමක් ගෙන නිම කරන්න සමත් විය.රිට පැනීම නොසළකා හරින අතර සැළකුම් ලැබෙන අවස්ථාවන් හී පෙරළා රටට ද ගෞරවය හිමිවන තත්ත්වයක් ඉතිහාසයේ ඇත.එසේනම් ඒ ඉතිහාස සාධක මත ආසියාවේ වෙනත් රටවල්වලට වඩා වැඩි පරිසාධන මට්ටමක් මේ ඉසව්ව සඳහා නම් කළේ ඇයි ද යන්න සොයා බැලිය යුතුය.
පැවති තත්ත්වයන්ට අනුව එම ඉසව්ව සඳහා සෙනෝද් ඩිලන්ද වාර්තා කළ මීටර් 4.30 පරිසාධනය ඉක්මවා යාමක් නොවුණ බව අපි පිළිගන්නෙමු.එහෙත් තරගාවලියේ සෙසු රටවල් නියෝජනය කරමින් පැමිණ පදක්කම් ලැබූ ක්‍රීඩකයන් 2.30 ක දක්ෂකමක් නොදක්වා එම තරගාවලිය නියෝජනයට පැමිණ තිබෙන බව පැහැදිළිය.එසේනම් විමසා බැලිය යුතු වන්නේ පරිසාධන මට්ටම 2.30 ක් කරන්නට හේතු වූ සාධක කවරේද යන්නය.එයට හේතු විමසීම වැදගත්ය.එහෙත් විමසනු ඇද්ද යැයි අපි නොදනිමු.
සාමාන්‍ය පරිදි තරගාවලියක් නිමාවේ දර්ශනය වන හොඳ සහ නරකවලට අමතරව දර්ශනය නොවන මෙවැනි කරුණුද අවධානයෙන් පිරික්සා බැලීම වැදගත්ය.එය රටේ ක්‍රීඩාවේ පැවත්ම සඳහා වන යහපත් ප්‍රමිතියකට හේතුවන බව අපි විශ්වාස කරන්නෙමු.මේ දක්වා පැරා ඔලිම්පික් උළෙලවල දක්ෂයන්ට අදාළ ත්‍යාග පිරිනැමීම දෙස ඇසක් ඇරවත් නොබලා සිටින රටේ ක්‍රීඩා පරිපාලනයට රටේ ක්‍රීඩකයෙකුට දක්ෂතා සහිතව තිබියදී රට නියෝජනය කරන්නටවත් අවස්ථාවක් නොලැබී යාම දැනෙයිද කියා අපි විමසිල්ලෙන් සිටිමු.තරගාවලියේ පසු විපරමකට අදාළව අමාත්‍යංශය කතා කළ යුතු බව අප බොහෝ කල් සිට කියන්නෙමු.
එසේ නොවන නිසාම ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍යවරයා ක්‍රීඩකයෙකුව සිටියදී ද ගැටළුවලට මුහුණ දුන් බව ද අපි දනිමු.වැරදි පැවත්ම ලෙස රැඳෙන ක්‍රමය නවත්වන්නට දැන්වත් ක්‍රියා මාර්ගයක් ගනු ඇද්ද?අඩුම තරමේ කරුණු විමසීමක් කර එසේ පරිසාධන මට්ටම ආසියාවේ වෙනත් රටවලට ඉහළින් තැබීමට අධ්‍යයනයේදී පෙනෙන්නට ඇති රිටට දක්වන කුඩම්මාගේ සැළකිල්ල හේතු විණිද යන්න නිරාකරණය කර ගත යුතු නැද්ද?


