ඉන්ධන කෝටාව වෙනස් නොවේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය දා සිංහල අවුරුදු උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව නැවත දැනුම්දෙන තුරු ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙන අතර , විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඊයේ (24) ඛනිජ තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී එම තීරණය ගත් බවය.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඉන්ධන කෝටාව ඉහළ නැංවීම හේතුවෙන් මාසික ඉන්ධන ඇනවුම් සැලසුමේ වෙනසක් නොවන බව නිරීක්ෂණය වූ බවයි .

අමාත්‍යාංශය සඳහන් කරන්නේ , පසුගිය සති කීපයේ දෛනික ඉන්ධන භාවිතය සහ ඉන්ධන නිකුතුව පිළිබඳව දත්ත නිරීක්ෂණය කිරීමේ දී ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර පැවති දෛනික ඉන්ධන නිකුතුව හා සමාන බවයි.

තවද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ඉන්ධන කෝටාව ඉහළ නැංවීමෙන් පසුව QR කේතය අවභාවිතා කිරීම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවත් QR කේතයට පරිභාහිරව ඉන්ධන ලබාගත් පිරිස් QR ක්‍රමවේදයට අනුගත වී ඇති බවත් නිරීක්ෂණය වූ බවයි.

ඉන්ධන හල් මඟින් ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර නිකුත් කිරීමේ දී 24%ක් වූ QR ක්‍රමවේදයට පරිභාහිරව නිකුත් කර තිබු අතර, ඉන්ධන කෝටාව වැඩිකළ පසු එය 14%ක් දක්වා පහළ ගොස් ඇති බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඉන්ධන හල් මඟින් 28%ක් වූ QR ක්‍රමවේදයට පරිභාහිරව ඩීසල් නිකුත් කිරීම ඉන්ධන කෝටාව වැඩිකළ පසු 15%ක් දක්වා පහළ ගොස් ඇති බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි.

එමෙන්ම එලෙස QR ක්‍රමවේදයට පරිභාහිරව ඉන්ධන නිකුත් කරන ඉන්ධන හල් සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමර්ශනයක් සිදුකරන බව ද අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම පිරවුම්හල් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමටත් අඛණ්ඩව මෙම රෙගුලාසි උල්ලංඝනය කරන බෙදුම්කරුවන්ගේ ඉන්ධන හල් බලපත්‍ර අවලංගු කිරීමටත් අමාත්‍ය කංචන විජේසේකර මහතා උපදෙස් ලබාදුන් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...