බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 26, කොළඹ (LNW): පෙට්‍රල් ,ඩීසල් , භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්,ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි තෙල් ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන ,ආනයනය පිරිපහදු කිරීම ,බෙදා හැරීම සහ අලෙවි කිරීම දැනට පවතින නීති රාමුව තුළ ක්‍රියාත්මක වුවද මෙම අංශයට පුළුල් නියාමන යාන්ත්‍රණයක් නොමැති බව රජය පවසයි.

පෞද්ගලික ආයතන රාශියක්ද ඛනිජතෙල් නිෂ්පාදනය, ආනයනය සහ බෙදාහැරීම සඳහා සම්බන්ධ වී සිටින බැවින් එම අංශයේ අභියෝගවලට විසඳුම් සෙවීම ,නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ පාරිභෝගිකයන්ගේ, ආයෝජකයන්ගේ හා අනෙකුත් පාර්ශ්ව කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන , ඵලදායී කාර්යක්ෂම නියාමන යාන්ත්‍රණයක අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇතැයි රජය පෙන්වා දෙන අතර, ඒ පිළිබඳ කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සහ නීතිමය රාමුවක් සකස් කිරීම පිණිස විදුලිබල හා බලශක්තිය අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීම සඳහා විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...