*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 26, කොළඹ (LNW): පෙට්‍රල් ,ඩීසල් , භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්,ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි තෙල් ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන ,ආනයනය පිරිපහදු කිරීම ,බෙදා හැරීම සහ අලෙවි කිරීම දැනට පවතින නීති රාමුව තුළ ක්‍රියාත්මක වුවද මෙම අංශයට පුළුල් නියාමන යාන්ත්‍රණයක් නොමැති බව රජය පවසයි.

පෞද්ගලික ආයතන රාශියක්ද ඛනිජතෙල් නිෂ්පාදනය, ආනයනය සහ බෙදාහැරීම සඳහා සම්බන්ධ වී සිටින බැවින් එම අංශයේ අභියෝගවලට විසඳුම් සෙවීම ,නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ පාරිභෝගිකයන්ගේ, ආයෝජකයන්ගේ හා අනෙකුත් පාර්ශ්ව කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන , ඵලදායී කාර්යක්ෂම නියාමන යාන්ත්‍රණයක අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇතැයි රජය පෙන්වා දෙන අතර, ඒ පිළිබඳ කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සහ නීතිමය රාමුවක් සකස් කිරීම පිණිස විදුලිබල හා බලශක්තිය අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීම සඳහා විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බව පැවසේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan