ජනතා ඉල්ලීමක් ආවොත් ජනාධිපතිවරණයකට ඉල්ලනවා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට ‍රාජ්‍ය පාලකයා වීමට අනෙක් අයට නොමැති සුදුසුකම් රැසක් තමන්ට ඇතැයි මහනුවර දී මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි . එනිසා ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් ලැබුණොත් ඒ ගැන සලකා බලන බව රණවක මහතා කියා සිටී.

පිය උරුමයෙන් හෝ තවත් දේශපාලනඥයකුගේ පිහිටි දේශපාලනයට පැමිණි අයෙක් නොවන බවද පවසන රණවක මහතා , අමාත්‍යවරයෙකු ලෙස තමනට පැවරුණු වගකීම වංචාවෙන් දූෂණයෙන් තොරව ඉටුකර අමාත්‍යාංශය ලාභ ලබන තත්වයට පත්කර ඇති බව රටම දන්නා බවත් පවසයි .

ඔහු තව දුරටත් කියා සිටියේ , දක්ෂ හමුදා නිලධාරීන්ට, සුපිරි ක්‍රීඩකයන්ට, පරම්පරා උරුමයට හිමිකම් කියන පුද්ගලයන්ට, සාම්ප්‍රදායික පක්ෂ නායකයන්ට මින් පසු ජනපති අපේක්ෂකත්වය නොදිය යුතු බවද , ආර්ථිකය නිවැරදි ලෙස කළමනාකරණය කරමින් රට ගොඩනැගීමට හැකියාව ඇති අයෙකුට එම අවස්ථාව ලැබිය යුතු බවත්ය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...