*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

රිදී සහ ලෝකඩ පදක්කම බැඟින් ගෙන ශ්‍රී ලංකා තරුණ තරුණියෝ ආසියානු සටනේ අවසාන දිනයට

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 27, කොළඹ (LNW): අද 21 වන ආසියානු මලල ක්‍රිඩා සූරතාවලියේ අවසාන දිනයයි.මේ වන විට ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් සහිතව සිටියි.මධුෂානි හේරත් තුන් පිම්මෙන් දිනා දුන් රිදී පදක්කමට ලෝකඩ පදක්කම එකතු වූයේ මිශ්‍ර සහය දිවීමේ තරගයෙන්ය. ඒ සඳහා ජාත්‍ය කිරුළු,ජිත්මා විජේතුංග,තේමිය රාජපක්ෂ සහ නුහන්සා කොඩිතුවක්කු දායක වූහ.ඔවුන් ගත කළ විනාඩි 3:28.18 ක කාලය ඉන් ඉහළ වයස් මට්ටමේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආභාෂයෙන් වෙනස් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබුණේ නම් මේ තත්ත්වය තව යහපත් වන්නට තිබිණ.එහෙත් ලංකාවේ ඉකුත් වසර යනු කල් ඉකුත් වන දෙයක් මිස අනාගතයට ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්නේ නැත.


ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු තබා සිටි අයෝමාල් අකලංක මීටර් 400 කඩුලු ඉසව්වේ හයවන තැනට පත් විය.එහිදී අයෝමාල් ඒ සඳහා ගත කළ කාලය තත්පර 52.84 ක් විය.එහෙත් තරගය ජයගත් ජපානයේ ෆුචිගාමී ෂෝටා තත්පර 49.97 න් ඉසව්ව නිමා කරමින් තරගයට එකතු කළ වේගය හමුවේ අකලංකගේ වේග පාලනය ගිලිහී ගිය බව දකින්නට ලැබිණි.එහෙත් යොවුන් ක්‍රීඩකයෙක් ලෙස ලෝකයේම අවධානයට ලක් වූ අයෝමාල් අවුරුදු 20 න් පහළ තරග අංශයට පිවිසි පළමු අවස්ථාව මෙය බැවින් ඉදරිය ගැන බලාපොරොත්තු තබා ගැනීම වැදගත්ය.එවැනි ක්‍රීඩකයින් තමන්ගේ පළාතට හෝ වෙන හිතවත්කම් මත පදනම්ව අවශ්‍යය ඇගයීම්වලින් ඈත් කර තබන අවස්ථා සහ හදාගන්නා අමුතු සිද්ධාන්ත අප ගියවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දී දුටු අතර ඒ තත්ත්වයන් මෙවර හෝ වෙනස් වන්නේනම් වැදගත්ය.ඇතැම් විට ඒ කුඩුකේඩුකම් ක්‍රීඩකයෙක්ව සදාකාලිකව ක්‍රීඩා කේෂ්ත්‍රයෙන් ඈත් කරන්නට තරම් ප්‍රබල විය හැකිය.


තරුශි අභිශේකා ආධුනිකත්වය නොවන්නට පෙන් වූ සටන්කාමී විලාශය පදක්කමක් කරා තල්ලු කර ගන්නට අවස්ථාව තිබිණි.ඇය තරගයේ මුල් මීටර් 400 ක පමණ දුර ප්‍රථමයා ලෙස තරගය වේගවත් කරන්නට උත්සාහ ගත්තේය.ඇය මේ තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ ද ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් හා තරග කරමින් ඒ වේගයේ ආශිර්වාදයද ගෙන හොඳ කාලයකට පිවසෙමින්ය.ඊට ඇත්තම හේතුව කණිෂ්ඨ මට්ටමේ තරුශිට අභියෝග කළ හැකි ක්‍රීඩිකාවක් එම ඉසව්වේ නැති බැවින් තනිව තරග වැඳ හොඳ කාලයක් වාර්තා කිරිමට නොහැකිකමය.ඇය ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ද එම උපක්‍රමයම අනුගමනය කළේ නම් තරගයේ අවසානයේදී පොකුරක සිට මීට වඩා යහපත් කාලයක් සමඟ පදක්කමකට තරගයක් දෙන්නට තිබිණ.එහෙත් ඇය තරගයේ සිව්වැනි ස්ථානය ලබා ගැනීම ඉදිරි තරග දිවියට හොඳ අත්දැකීමක් වනු ඇත.ඇය තව තෙවසරක් මෙම වයස් කාණ්ඩයෙන් ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන්නට හැකියාව ඇති ක්‍රීඩිකාවක්ය.


හැකියාවක් තිබුණේ නම් මීටර් 100 පිරිමි ඉසව්වට ඉඳුවර වීරරත්න ද යොදවන්නට ශ්‍රී ලංකාව කල්පනා කළා නම් යහපත්ය.එසේ වූවානම් තරගකාරී තත්ත්වය අනුව ඔහු ද ලංකාවට විශාල ආයෝජනයක් විය හැකි කාලයක් එම ඉසව්ව තුළ වාර්තා කර පෙන්වන්නට තිබිණ.මෙරොන් පදක්කමකට නොයා වුව කණිටු ක්‍රීඩකයෙක් ලෙස ශෙහාන් අඹේපිටිය,හිමාෂ ඒශාන්ගෙන් පසු තැන හිමි කර ගනිමින් තත්පර 10.54 ක දක්ෂතාවයක් දැක්වීම ඇගය කළ යුතුය.තත්පර් 10.43 සහ තත්පර 10.49 ශෙහාන් සහ හිමාශ ඊට ඉදිරියෙන් පිළිවෙලින් වාර්තා කර තිබෙන කාලයන්ය.


මීටර් 100 සහය දිවීමේ තරගයේ තත්පර 40 ට අඩුවෙන් දිව ගිය පළමු කණිෂ්ඨ කණ්ඩායම වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ගිලිහී ගියේ අවසාන යශ්ඨි හුවමාරුවේ දී දැක් වූ දුර්වලකම හේතුවෙන්ය.පළමු සහ දෙවන යශ්ඨි හුවමාරු හොඳින් සිඳු වී තිබීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ඉදිරියෙන් සිටියත්,අවසාන යශ්ඨි හුවමාරුවේදී මතු වුණ දුර්වලකම නිසා ඓතිහාසික අවස්ථාවකට තිබුණු ඉඩ ඇහිරිණ.ඒත් ඔවුහු තත්පර 40.32 ට ඉසව්ව නිමා කරමින් මීටර් 100 පිරිමි සහය දිවීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාව හිමි කර ගැනීමට සමත් වූහ. ඒ 2014 දී පිහිටුවා තිබූ තත්පර 40.37 ක ශ්‍රී ලංකා වාර්තාව බිඳ දමමින්ය.
අවසාන දවසේ ඉතිහාසය වෙනස් කරන්නට මීටර් 100 සහය දිවීමේ කණ්ඩායමට බොහෝ විට හැකියාව ලැබෙනු ඇත.එහෙත් ඔවුන් සහභාගි වූ මූලික තරගය ජය ගත් චීනය මෙන්ම අවසාන තරගයට පිවිස සිටින හොංකොං,ඉන්දියාව වැනි කණ්ඩායම් ද කිසිසේත් පහසුවෙන් තැකීමට නොහැකිය.එහෙත් නිසි පරිදි යශ්ඨි හුවමාරුව සිඳු වුවහොත් තවත් තත්පරයතට ආසන්න කාලයකින් ශ්‍රී ලංකාව ඉසව්ව නිම කරන කාලය දියුණු වෙනු සැක නැත.එම දියුණුව පදක්කමේ වර්ණය තීරණය කරනු ඇති අතර එය රන් පැහැ කර ගැනීමේ හැකියාවක් ද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇත.


අද ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් මීටර් 400 සහය දිවීමේ තරගයට ද සහභාගි වන අතර එය ද ශ්‍රී ලංකාවේ තරගකාරී සහ ජයග්‍රාහී ඉසව්වක් ලෙස ඉතිහාසයේ සිට පැවත එන එකකි.අද පැවත්වෙන උස පැනීමේ තරගයද ශ්‍රී ලංකාවට වැදගත්ය.දෙනෙත් අනුහස් සහ තරූෂ මෙණ්ඩිස් මේ තරගාවලියට සුදුසුකම් ලබා ඇත.දෙනෙත් පළපුරුදුකාරයෙක්ය.තරුෂ අලුත්ය.එහෙත් සටන්කාමී ය.දෙදෙනාම එකට එකම පුහුණුකරුවෙක් යටතේ පුහුණුව ලබන නිසා තරගය තුළදී ද වඩාත් සහයෝගයෙන් ප්‍රතිවාදීන්ට අභියෝග කරන්නට ඔවුන්ට හැකියාව ලැබෙනු ඇත.


වඩාත්ම වැදගත් මේ වයස් කාණ්ඩයේ උස පැනීම ඉතාම තරගකාරී මට්ටමක පවතින අතර මේ දෙදෙනාගෙන් නොනැවතී මේ තරගාවලියට සුදුසුකම් නොලද ජාත්‍යන්තර තරගාවලි නියෝජනය කර ඇති පදක්කම් දිනූ තවත් ක්‍රීඩකයෝ මේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව තුළ සිටින බව බලධාරීන් සිහියේ තබා ගැනීමය.ඒ සියල්ල අතර නිරන්තරයෙන් ඇති වන තරගකාරීත්වය ඉසව්වේ ප්‍රවර්ධනයටම හේතු වනු ඇත.රංගන පිගේරා සහ මංජුල කුමාර අතර පැවති තරගය ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ යහපතට යොදා ගැනීමට ක්‍රිඩා බලධාරීන් අසමත් වීමේ මතකය සමඟ මේ තත්ත්වය යහපත් අතට කළමණාකරණය කරන්නේනම් වැදගත් ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan