ජාත්‍යන්තර කපුටු කාක් කාක් කාක් දිනය අදයි !

Date:

කලු කපුටන්, යෝධ කපුටන් ඇතුළු සියලු වර්ගයේ කපුටු විශේෂ අතර පවතින ජෛව විවිධත්වය ඇගයීමට ලක්කරන ජාත්‍යන්තර කපුටන් ඇගයීමේ දිනය (International Crow and Raven Appreciation Day) අදට (අප්‍රේල් 27) යෙදී තිබේ.

අනාදිමත් කලක පටන් ලොව විවිධ සංස්කෘතීන් අතර කපුටු විශේෂ අතරින් විශේෂයෙන්ම කලු කපුටා සහ යෝධ කපුටා කෑදරකම, ආත්මාර්ථකාමීත්වය, අපිරිසිදුකම, යාගහෝම, පේන කීම, මායාකර්ම, අවතාර සමඟ සන්නිවේදනය කිරීම හා මරණය සංකේතවත් කිරීමට යොදා ගෙන තිබේ.

කපුටා සත්ත්ව රාජධානියේ ආවේස් පංතියේ කෝවස් ගණයේ කොර්විඩේ නම් පවුලට නෑකම් කියන පක්ෂියකු වන අතර, කපුටු විශේෂ අතර පවතින ජෛව විවිධත්ව වටිනාකම ඇගයීමට ලක්කිරීම සීමා වී තිබීම මත අවතක්සේරුවට ලක් වූ ජීවී කොට්ඨාශයක් බවට කපුටන් පත්ව තිබේ.

කපුටන් යනු ලොව සෑම රටකම පාහේ විශාල ව්‍යාප්තියක් දක්වන ජීවී කොට්ඨාශයක් වන අතර, කපුටන් පිළිබඳව කළ අධ්‍යයනයන් වල දී අනාවරණය වී තිබෙන්නේ උන් අසාමාන්‍ය ලෙස බුද්ධිමත් පක්ෂි විශේෂයක් බවයි.

ඉහත දැක්වූ සෘණාත්මක සමාජ ලක්ෂණ සංකේතවත් කිරීමට කපුටන් යොදාගැනුන ද, කපුටකු තම ජීවිත කාලය තුළ ලබන අත්දැකීම් අනාගත සැලසුම් සඳහා භාවිතා කරන බව ද සොයාගෙන තිබේ.

ලොව ඇතැම් සංස්කෘතීන් වල කපුටන් සුරතල් සතුන් ලෙස ඇති කරන අවස්ථා ද දක්නට ලැබේ.

කෝවස් ගණයේ කපුටු විශේෂ 45 පමණ ලොව දක්නට ලැබේ.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...