ශ්‍රී ලංකා සත් සාමාජික පිරිමි සහ කාන්තා රගර් කණ්ඩායම් නම් කරයි.යෝෂිත තේරීමට නොඑයි

ශ්‍රී ලංකා සත් සාමාජික පිරිමි සහ කාන්තා රගර් කණ්ඩායම් තෝරා ගැනීම කොළඹ ලොන්ඩන් පෙදෙස සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩාංගණයේදී පැවත්වුණා.එහිදී දැක් වූ දක්ෂතා පදනම් කරගෙන ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් ක්‍රීඩකයන් දොළොස් දෙනෙකුත්,කාංචනා කුමාරිගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවන් දොළොස් දෙනෙකුත් ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් ලෙස නම් කරන්නට යෙදුණා.මේ අතර මෙම තේරීම සඳහා සහභාගිවීමට නියමිතව සිටි යෝෂිත රාජපක්ෂ ඒ සඳහාසහභාගි වූයේ නැහැ.

ශ්‍රීනාත් සූරියබණ්ඩාර,නයිජල් රත්වත්ත,තරිඳු රත්වත්ත,අදීශ වීරතුංග,දනුෂ් දයාන්,අංජුල හෙට්ටිආරච්චි,මිතුන් හපුගොඩ,කවිඳු පෙරේරා,බුද්ධිම පියරත්න,සුධාරක දික්කුඹුර,රීසා රෆයිඩීන් සහ චතුර සෙනවිරත්න ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට නම් කර තිබෙනවා.ඊට අමතරව ලසිඳු ඉෂාන්,ඉරෝෂන් සිල්වා,ඔවින් හෙට්ටිආරච්චි,අවිශ්ක ලී,හේෂාන් ජෙන්සන් රමේෂ් ප්‍රනාන්දු,සුදම් සූරියආරච්චි සහ ඩිලුක්ෂ දන්ගේ පොරොත්තු ලේඛණයේ තබා ඇත.

කාන්තා කණ්ඩායම කාංචනා කුමාරි සමඟ ජයන්ති කුමාරි, සඳනිකා හේමකුමාරි,දිලිනි කාංචනා,ශානිකා මධුමාලි,චරනි ලියනගේ,අනූෂා අත්තනායක,ඩිලානි පල්ලිකොණ්ඩගේ,අයේෂා පෙරේරා ජීවන්ති කුමාරි,උමයංගනා සත්සරණි සහ නිපුනි රසාංජලී යන ක්‍රීඩිකාවන්ගෙන් යුක්තය.පොල්හේනගේ දිලානි,අනුශිකා සමරවික්‍රම,හසිනි අනුත්තරා,චමෝද්‍යා මධුමාලි,ශානිකා දිලිණි,නිරංජලා වික්‍රමසිංහ,හෙකසානා ක්‍රිෂ්නකුමාර් සහ රන්දිකා කුමුදුමාලි යන ක්‍රීඩිකාවන් රැඳී ඇත්තේ පොරොත්තු ලේඛණයේය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...