ශ්‍රී ලංකා සත් සාමාජික පිරිමි සහ කාන්තා රගර් කණ්ඩායම් නම් කරයි.යෝෂිත තේරීමට නොඑයි

Date:

ශ්‍රී ලංකා සත් සාමාජික පිරිමි සහ කාන්තා රගර් කණ්ඩායම් තෝරා ගැනීම කොළඹ ලොන්ඩන් පෙදෙස සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩාංගණයේදී පැවත්වුණා.එහිදී දැක් වූ දක්ෂතා පදනම් කරගෙන ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් ක්‍රීඩකයන් දොළොස් දෙනෙකුත්,කාංචනා කුමාරිගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවන් දොළොස් දෙනෙකුත් ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් ලෙස නම් කරන්නට යෙදුණා.මේ අතර මෙම තේරීම සඳහා සහභාගිවීමට නියමිතව සිටි යෝෂිත රාජපක්ෂ ඒ සඳහාසහභාගි වූයේ නැහැ.

ශ්‍රීනාත් සූරියබණ්ඩාර,නයිජල් රත්වත්ත,තරිඳු රත්වත්ත,අදීශ වීරතුංග,දනුෂ් දයාන්,අංජුල හෙට්ටිආරච්චි,මිතුන් හපුගොඩ,කවිඳු පෙරේරා,බුද්ධිම පියරත්න,සුධාරක දික්කුඹුර,රීසා රෆයිඩීන් සහ චතුර සෙනවිරත්න ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට නම් කර තිබෙනවා.ඊට අමතරව ලසිඳු ඉෂාන්,ඉරෝෂන් සිල්වා,ඔවින් හෙට්ටිආරච්චි,අවිශ්ක ලී,හේෂාන් ජෙන්සන් රමේෂ් ප්‍රනාන්දු,සුදම් සූරියආරච්චි සහ ඩිලුක්ෂ දන්ගේ පොරොත්තු ලේඛණයේ තබා ඇත.

කාන්තා කණ්ඩායම කාංචනා කුමාරි සමඟ ජයන්ති කුමාරි, සඳනිකා හේමකුමාරි,දිලිනි කාංචනා,ශානිකා මධුමාලි,චරනි ලියනගේ,අනූෂා අත්තනායක,ඩිලානි පල්ලිකොණ්ඩගේ,අයේෂා පෙරේරා ජීවන්ති කුමාරි,උමයංගනා සත්සරණි සහ නිපුනි රසාංජලී යන ක්‍රීඩිකාවන්ගෙන් යුක්තය.පොල්හේනගේ දිලානි,අනුශිකා සමරවික්‍රම,හසිනි අනුත්තරා,චමෝද්‍යා මධුමාලි,ශානිකා දිලිණි,නිරංජලා වික්‍රමසිංහ,හෙකසානා ක්‍රිෂ්නකුමාර් සහ රන්දිකා කුමුදුමාලි යන ක්‍රීඩිකාවන් රැඳී ඇත්තේ පොරොත්තු ලේඛණයේය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...

ඕස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් එක් අයෙකු මියගොස් හෙක්ටයාර් 350,000කට අධික සංඛ්‍යාවක් විනාශ වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවකට පසු...

උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: අද ශ්‍රී ලංකා විස්සයි...