පිරිමි කණ්ඩායම හත – කාන්තා කණ්ඩායම පහ

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 27, කොළඹ LNW:

ආසියානු කුසලාන හොකි සූරතාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පවත්වන ලද තරගාවලියේදි ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහ හත්වන තැනටත්,කාන්තා කණ්ඩායම පස්වන තැනටත් පත් වුණා.පිරිමි කණ්ඩායම කණ්ඩායම් 10 ක් අතරින් හත්වන තැනට පත් වෙද්දී එහි අවධානය යොමු කළ යුතුම කාරණා අතර ලෝක ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට වඩා පසුපසින් සිටින හොංකොං සහ උසබෙකිස්තාන් කණ්ඩායම තරගාවලියේ විශාලතම ප්‍රගතියට උරුමකම් කියමින් පිළිවෙලින් පස්වන සහ හයවන තැනට පත් වීම ඉදිරියෙන්ම වේ.


ශ්‍රී ලංකාව තමන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 40 වන තැන සිටියදී 72 වන තැන සිටින තායිලන්තය සමඟ මූලික වටයේ හමුව 1 – 1 ක් වීම ද ශ්‍රී ලංකාව ලද පසුබෑමක ලක්ෂණයක්.එහෙත් ඔවුන් නැවත ශ්‍රේණිගත කිරීම් සඳහා හමු වූ විට සිය ගෞරවය රැක ගැනීම සඳහා උපරිමයෙන් සටන් වැදුණ ශ්‍රී ලංකාව 6-4 ක් ලෙස එම තරගය ජය ගැනීම කැපී පෙණුනා.


එහෙත් මේ තරගාවලියේදී ශ්‍රී ලංකාව 82 වන තැන සිටින කසකස්තානයට පරාජය වීම කැපී පෙණුන සිඳුවීමක් ලෙස ගත හැකි අතර ඔවුන් එය ලබා ගත්තේ අහම්බයකින් නොවන බව පෙන්වමින් තරගාවලියේ මුල් කණ්ඩායම් හතර රැඳෙමින් සිව්වැනි තැනට පත් වුණා.රටක් හැටියට හොකී ක්‍රිඩාවේ වැඩිම ප්‍රගතිය අත් කර ගත් කණ්ඩායම හැටියට කසකස්තානය දැක් වූ ඉදිරි පියවර කැපවීම සහ නිශ්චිත වැඩ සැළසුමක් නැතුව කඩා වැටෙන රටක් හැටියට ආදර්ශයට ගත යුතුව තිබෙනවා.


තරගාවලිය නියෝජනය කළ කණ්ඩායම් අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිටියේ ඉන්දුනීසියාවට ඉදිරියෙන් පමණයි.ශ්‍රේණිගත කිරීම්වල තත්ත්වය එබඳු වුවත් ඉන්දුනීසියාව ඉදිරියේ ප්‍රබල චයිනීස් තායිපේ කණ්ඩායම අනපේක්ෂිත 2 – 0 ක පරාජයක් ලැබුවා.ශ්‍රී ලංකාවට සහ උස්බෙකිස්තානයට එරෙහි තරග ජය පරාජයකින් තොරව නිමා කරන්නටත් පුළුවන් විම නිසා ඉන්දුනීසියාවට තරගාවලියේ තෙවන සහ සිව්වන ස්ථාන තීරණය කරන තරගයට තරග වඳින්නට හැකියාව ලැබුණා.


ඒ නිසා උසබෙකිස්තානය සහ ශ්‍රී ලංකාවට තරගයේ පහ සහ හය තීරණය කරන තරගයට තරග කරන්නට වූ අතර එහිදී නිදහස් පහර මඟින් ශ්‍රී ලංකාවට ජය හිමි වුණා.3-1 ක් ලෙස ජය ලබා ගෙන කාන්තා කණ්ඩායම ජය අත් කර ගත් අතර ඔවුන් තමන්ට පසුපසින් සිටිය ඉන්දුනීසියාවට පරාජය නොවී සිටිය අතර ආසන්න ඉදිරියක් පෙන්නූ (ශ්‍රී ලංකාව 72 සහ උසබෙකිස්තානය 69) උස්බෙකිස්තානය අවසාන මොහොතේ නිදහස් පහර මඟින් පරාජය කළා.මේ දත්ත සළකා බැලීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම යහපත් බවක් හැඟණ ද,දෑසින් තරග නරඹද්දි ආසියාවේ ඔවුන් පරාජය වූ කණ්ඩායම් ආසන්නයට ඒම සඳහාත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තවත් බොහෝ දේ කළ යුතුව තිබෙන බව සිතිය හැකියි.විශේෂයෙන්ම ඔවුන් පන්දුව හොකී පිත්තෙන් පාලනය කරමින් සිඳු කරන ධාවනයට අදාළ වේගය තව බොහෝ වේගවත් විය යුතුයි.


කෙසේ හෝ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ජයගත් තරගයේ වීරයා වන්නට ධම්මික රණසිංහ සමත් වූ අතර කාන්තා තරගයේ දී එම ගෞරවය අත් වූයේ ෂෙහානි මදාරාගොඩටයි.එහෙත් ඇය මෙන්ම නිදහස් පහර වළක්වාලමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දැල රකින්නී ගිතිකා අහංගම පැ දක්ෂතාවයද ඉහළින්ම කැපී පෙණුනා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට බහුතර අසන ගණනක් ගිය උඩුනුවර සභාව NPP දිනාගනී!

කොළඹ LNW:උඩුනුවර ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට ජාතික ජන...

තවත් දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් ගැන හෙළිදරව්වක්!

දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් හරහා ගෙන්වන ලද භාණ්ඩ තොගයක් නිසා...

2026 තුළ දී රජයේ රෝහල් පද්ධතිය තුළ අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වාගෙන යාමට නව සැලසුමක්!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : එක්සත් ජාතීන්ගේ  සංවිධානයේ...

කොළඹ බලය අල්ලන්න සජබෙට සහය දෙන්න බැහැ – එජාප මන්ත්‍රීවරයෙක්ගෙන් මහලේකම්ට ලිපියක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ බලය සම්බන්ධ කතිකාව තවදුරටත්...