හාවඩ් යන ජසින්ඩා සහ දූපතේ අපි …

Date:

ජසින්ඩා ආඩන්, ඒ කියන්නේ නවසීලන්තයේ හිටපු අගමැතිනීට ඔන්න කීර්තිමත් හාවඩ් විශ්ව විද්‍යාලයේ ද්විත්ව අධිශිෂ්‍යත්වයක් (dual fellowship) හම්බවෙලා. හාවඩ් කෙනෙඩි පාසලේ රාජ්‍ය පාලනය සහ දේශපාලනය ගැන තමයි එයාට උගන්වන්න සහ පර්යේෂණ කරන්න ලැබිල තියෙන්නේ. ඒක ඉතින් එයාගේ පැත්තෙන්, අධ්‍යාපනය පැත්තෙන්, පුද්ගල සංවර්ධනය පැත්තෙන් ලොකු කඩඉමක් වෙත ගමන්කිරීමක්.

මහජන දේශපාලනයේ ඉදල අත්දැකීම් ලැබිල ඒ අත්දැකීම් ලෝකයේ නන් දෙසින් එන ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක බෙදා හදාගන්න අවස්ථාවක් ජසින්ඩාට ලැබෙනවා. ඒකත් එක්ක එයාට නව අත්දැකීම් රාශියක් ලබන්න පුළුවන්. විශේෂයෙන් ලෝකයේ හැම රටකම වගේ විවිධ දේශපාලන අත්දැකීම් සහිත ළමයි හාවඩ්වල ඉන්න නිසා.

අනික් අතට මේ සියවසේ නායකත්ව ලක්ෂණ මොනවද කියල ඒ ළමයිට උගන්වන්නත් දැන් එයාට පුළුවන්.

කොරෝනා එක්ක ආපු ආර්ථික අවපාතය, ගිනිකඳු පිපිරිම, අන්තවාදී ත්‍රස්ත ප්‍රහාර වගේ අර්බුද ඇතුලේ ලාබාල කාන්තා නායිකාවක් හැටියට ඇගේ දේශපාලන දායකත්වය ඉතාම සුවිශේෂ එකක් වෙනවා. නවසීලන්තෙට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම.

ලෝකයේ ඉන්න සමකාලීන නායකයින්ගෙන් වඩාත්ම සමාජය ගැන සහකම්පනයක් සහිත නායිකාව (the most empathetic leader) හැටියට ගැනෙන්නේ ජසින්ඩා. එයා තමන්ගේ රටේ ඉන්න විවිධ අනන්‍යතා සහිත මිනිස්සු කෙරෙහි ගෞරවයෙන් බලපු කෙනෙක් හැටියට ප්‍රසිද්ධයි. විවිධ ආගමික අනන්‍යතා, ලිංගික අනන්‍යතා, පෞරුෂ වෙනස්කම් සහිත අය වෙනුවෙන් එයා එයාගේ ලැදියාව සහ නැමියාව පෙන්නපු කෙනෙක්. බොරුවට චන්ද ගන්න නෙවෙයි. ඇත්තටම ඒ වෙනස්කම් වෙනුවෙන් ගරුත්වක් එක්ක.

”සමාජයෙන් මම ඉගෙන ගත්ත දේවල් මේ වගේ ශිෂ්‍ය පරම්පරාවකට උගන්වන්න ලැබීම සතුටක්. අනික් එක තමයි අපිට වැරදිච්ච තැන් ගැනත් අපිටම ඉගෙන ගන්න පුළුවන්. ඒකත් වැදගත්”. අලුත් පත්වීම ගැන ජසින්ඩා එහෙම කියනවා.

විසිඑක්වන සියවසේ දේශපාලනය ගොඩක් වෙනස් පාරක යනවා කියල හිතෙන්නේ ජසින්ඩා වගේ අය වැඩකරන විදිය දිහා බලනකොට. ඒ වෙනස්කම් එක්ක ඉතාම ජනප්‍රිය දේශපාලනයක් කරපු කෙනෙක්ගෙන් හාවඩ් එකේ අයට ඉගෙනගන්න ලැබීම ලොකු භාග්‍යයක්.

එහෙම ඇත්ත සහකම්පනයක් සහිත නායකයෙක්ගෙන් ලෝකය ඉගෙන ගනියි. ඒ විශ්ව විද්‍යාලවල දේශන වෙනුවෙන් ආරාධනා කරයි. එයාල ගැන පර්යේෂණ පත්‍රිකා කරයි. පොත් ලියයි. ගෞරවයට පාත්‍රවෙයි.

අනික් අය ඒ ඒ දූපත්වලම මැරිලා යයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...