*
Saturday, May 11, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවට පහසු ජයක්

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 28, කොළඹ (LNW): කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ඩුබායි හී පැවත්වෙන තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ස්කොට්ලන්තයට එරෙහිව කඩුලු 10 ක් පහසු ජයක් අත් කර ගන්නට සමත් විය.


කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාව ස්කෝට්ලන්තයට ඇරයුම් කළ අතර ස්කොට්ලන්ත ඉණිම සුන් කරමින් විශිෂ්ඨ පන්දු යැවීමක යෙදුණු කවීශා දිල්හාරි ලකුණු 13 ට කඩුලු 4 ක් දවා ගත්තේය.ඒ් දස්කම නිසා ස්කොට්ලන්ත ඉණිම පන්දු වාර 18.1 දී නිමා වූයේ ලකුණු 94 ට ය.කවීශා මෙන්ම ඉකුත් තරගයේදී තායිලන්තයට ඒරෙහිව විශිෂ්ඨ පන්දු යැවීමක යෙදුණු ඉනෝෂි ප්‍රියදර්ශණී ද ලකුණු 11 ට කඩුලු 3 ක් දවා ගත්තාය.


ඒ් අනුව ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ඉලක්කය වූයේ ලකුණු 95 කි.පන්දු ඕවර් 20 ක කාලය ඒ් වෙනුවෙන් වැය නොකළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණියන් දෙපළ පන්දු ඕවර් 10.1 දී ශ්‍රී ලංකා ලකුණු පූවරුව කිසිවෙකු නොදැවී ලකුණු 95 ක් බවට පත් කරනවා.සුපුරුදු පරිදි චමරි අතපත්තු පන්දු 35 දී ලකුණු 59 ක් ලබා ගන්නේ 4 පහර 10 සහ එක් 6 පහරක් සමඟයි.පන්දු 26 ට මුහුණ දුන් විශ්මි ගුණරත්න ලකුණු 24 ක් ලබා නොදැවී සිටිනවා.


මේ වන විට තරගාවලියේ පන්දු යවන්නියන් අතර පෙරමුණ ගන්නට ඉනෝෂි ප්‍රියදර්ශණිට හැකි වී තිබෙන අතර පිතිකාරිණියන් අතරින් චමරි පෙරමුණේ පසු වෙනවා.හෙට ශ්‍රී ලංකාව උගන්ඩාවට එරෙහිව තරග වැදීමට නියමිතයි.පහතින් දැක්වෙන්නේ ඔ්‍රී ලංකා – ස්කොට්ලන්ත තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන මඟයි.
https://www.espncricinfo.com/series/icc-women-s-t20-world-cup-qualifier-2024-1425615/scotland-women-vs-sri-lanka-women-8th-match-group-a-1425645/full-scorecard

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan