ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC)  ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දෙයි

Date:

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ලූකස් පෙට්‍රිඩිස් මහතා 2022 අප්‍රේල් 25 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගෙන් සමුගත්තේ ය.

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ලබාදුන් දායකත්වය විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමාගේ ඇගයුමට පාත්‍ර විය. අතීතයේ පැවති ගැටුම්කාරී වාතාවරණය හමුවේ මෙම කමිටුව සිදු කළ වැදගත් කාර්යභාරය සහ පශ්චාද් ගැටුම් තත්ත්වය යටතේ පුනරුත්ථාපන සහ ප්‍රතිසන්ධාන කටයුතුවලට සහය වීම සම්බන්ධයෙන් ඉටු කරන වත්මන් කාර්යභාරය මෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන සඳහා ලබා දෙන ජාත්‍යන්තර මානුෂීය නීතිය (IHL) පිළිබඳ පුහුණුව ද එතුමා මෙහිදී සිහිපත් කළේ ය.

වත්මන් ආර්ථික අභියෝග සම්බන්ධයෙන් අමාත්‍ය පීරිස් මැතිතුමා පළ කළ කරුණු දැක්වීමට ප්‍රතිචාර දැක්වූ පෙට්‍රිඩිස් මහතා, ජාත්‍යන්තර රතු කුරුස කමිටුව ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය හරහා ශ්‍රී ලංකාව වෙත වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට නියමිත බව දන්වා සිටි අතර, රජයේ අවශ්‍යතා මත මානුෂීය ආධාර සැපයීමට සූදානමින් සිටින බව වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

සිය නවතම රාජකාරි පැවරුම සම්බන්ධයෙන් පෙට්‍රිඩිස් මහතා වෙත සුබ පැතුම් පළ කළ විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා, ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සමඟ පවත්නා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තම අනුප්‍රාප්තිකයා සමඟ සමීපව කටයුතු කරන බවට සහතික විය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 අප්‍රේල් 27 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ පණිවිඩයෙන් පසු ලෝක ඉන්ධන වෙළෙඳපොළේ වෙනසක්!

කොළඹ LNW:ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයකට එකඟ වී...

රුසියාව යුක්රේනයට එරෙහි යුද්ධයේ 1,216 වන දිනයේ ප්‍රධාන සිදුවීම් මෙන්න..

රෂිකා හෙන්නායක ජූනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම සතිය...

මැදපෙරදිග ගුවන් කලාපය යළි විවෘත වෙයි!

කොළඹ LNW:තාවකාලිකව වසා දැමුණු කටාර් ගුවන් ගුවන් කලාප ඇතුළු...