*
Friday, April 19, 2024
spot_img

Latest Posts

අවුරුදු දෙකේ ප්ලෑන් එක !!

රටේ පවතින තත්වය එක්ක අනාගතය ගැන තීරණ ගන්න අසීරුම තැන ඉන්න පිරිසක් තමයි හෙට අනිද්දා කැම්පස් අවුට් වෙන්න ඉන්න ළමයි ටික. හෙට අනිද්දට අවුට් වෙලා කරන්නේ මොකද්ද, රස්සාවක් හොයාගන්නේ කොහොමද, ඉදිරිය ප්ලෑන් කරන්නේ කොහොමද කියන එක අවුලක් තමයි හැමෝටම.

මම එතැන හිටිය නම්, මම ඒකට මුහුණ දෙන්නේ කොහොමද, කරන්නේ මොකද්ද කියන එක ලියල තියන එක හොඳයි කියල හිතුන. ඒ වගේම ඔබ එතැන හිටිය නම් කරන්නේ මොකද්ද කියලත් කියාගෙන යන්න.

සල්ලි දීලා හෝ වත්කම් පෙන්වලා රටකට යන්න මට හැකියාවක් නෑ. මම ඉන්නේ උපාධි සහතිකයක් විතරක් අතේ තියාගෙන. මගේ ෆීල්ඩ් එක පවතින ආර්ථික අර්බුදය නිසා හොඳටම බැටකන ක්ෂේත්‍රයක්. දැනට රැකියා අවස්ථා ඕපන් වෙන්නේ ඉතාම අඩුවෙන්. ෆ්‍රෙෂ් ග්‍රජුවෙට් කෙනෙක් විදියට මට එකපාර පිටරට රැකියාවකට යන්නත් බෑ.
ඉතින් මම හදනවා අවුරුදු දෙකක ප්ලෑන් එකක්.

මම ඒ අවුරුදු දෙක ඇතුළෙ වටිනාකමක් උපයා ගන්නවා, පශ්චාත් උපාධියක් ගන්නවාය කියල හිතමු. ඒ අවුරුදු දෙක මම යොදා ගන්නවා ජිවිතේ ඊළඟ අවුරුදු පහ වෙනුවෙන් ආයෝජනය කරන්න.

  1. මම පශ්චාත් උපාධි ශිෂ්‍යත්වයක් හොයා ගන්නවා. සම්පුර්ණ කෝර්ස් ෆී එක නොමිළේ, සහ ජිවන වියදම් දීමනාවක් දෙන.ෆු ස්කොලර්ෂිප් එකක් ආවම ඔළුවට නිදහස්. දෛනික වියදම් ගැන බයක් නෑ. තමන් කරන්න යන ඇකඩමික් වැඩේට හොඳටම අවධානය දෙතහැකි.
  2. මම ඒ අවුරුදු දෙක ඇතුළෙ මගේ වෘත්තියමය සහ ඇකඩමික් නෙට්වර්ක් එක පුළුල් කරගන්නවා. අලුත් සම්බන්ධතා හදා ගන්නවා, මිනිස්සු අඳුර ගන්නවා. ලියනවා, කතා කරනවා. සම්මේලන, ප්‍රදර්ශන, වැඩමුළු මේවට කියාපු තැන්.
  3. මම එක්කෝ අලුත් නිර්මාණයක් කරනවා, නැත්තම් හදනවා බිස්නස් අයිඩියා එකක්. පේටන්ට් එකක්, පේපර්ස් හත අටක් පබ්ලිෂ් කරගන්නවා. ඒ කියන්නේ, අවුරුදු දෙක ඉවර වෙද්දී මෙන්න මේකයි කියල පෙන්වන්න පුළුවන් දේවල් ටිකක් ගොඩ නගා ගන්නවා.
  4. අවුරුදු දෙක අවසන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී, මගේ අධ්‍යාපනික වැඩ වලට බාධාවක් නොවෙන්න මම ඉන්න රටක රජයේ කාර්යාලයක, නැත්තම් පෞද්ගලික ආයතනයක වොලන්ටරි ප්ලේස්මන්ට් එකක් ඉල්ලනවා සතියට දවසක් හෝ දෙකක්. මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්. හොඳ ප්‍රතිචාර ලැබී තියෙනවා.
  5. අවුරුදු දෙක ඉවර වෙද්දී මට පිටරට කාර්යාලයක කෙටිකාලින වර්ක් එක්ස්පීරියන්ස් එකක්, ඇකඩමික් කොලිෆිකේෂන් එකක්, පුළුල් නෙට්වර්ක් එකක් තියෙයි. ඒ තියෙන ඒවා ඒක්ක ඉතිරි අවුරුදු 5 ට MK කියල මම අන්තිම මාස තුනේ ප්ලෑන් කරනවා.

දැන් මේවා කරන්න යන්නේ කොහාටද?

මට තියෙන්නේ සෙකන්ඩ් ලෝවර් උපාධියක්. අයි ඊ එල් ටී එස් 6.5. මම ලෝකේ වටේ ඇප්ලයි කළත් යන්න පුළුවන් රේන්ජ් එක කියල මම හිතන්නේ ආසියාව. සිංගප්පුරුව, මැලේෂියාව, තායිලන්තය හෝ ඉන්දියාව. චීනේ, තායිවානේ, හොංකොං , ජපානේ, කොරියා කියන්නෙත් මේ රේන්ජ් එකේ හොඳ තැන්. මුලින් කියපු රටවල් හතරට මම පෞද්ගලිකව ආසයි. ජිවත් වෙන්න පහසුයි. බොහෝවිට ෆුල් ස්කොලර්ෂිප් දෙනවා මාස්ටර්ස් වලට.

කැසිනෝ පාර හරියට වැඩ කළොත් යුරෝපේ, ඇමරිකාව, ඔස්ට්‍රේලියාවට උනත්යා හැකි. නමුත් මගේ මට්ටම අනුව මට ලැබෙන තැන මම දන්නවා.

ගුග්ල් කර කර ස්කොලර්ෂිප් හොයන්න, ලංකාවේ උසස් අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් එකේ තියන උසස් අධ්‍යාපන අවස්ථාවලට ඇප්ලයි කරන්න, ලියුම් ලියන්න වැඩි වෙහෙසක් දරන්න වෙයි. බොහෝ විට රිජෙක්ට් වුණා කියල, අන්සක්සස්ෆුල් කියල ඊමේල් එයි. මට 2013 වැඩ කළෙත් හැට හත හෝ හට අට වෙනි අවස්තාව.

මම මෙහෙමයි මේකට මුහුණ දෙන්නේ. ඔබ මේකට මුහුණ දෙන්නෙ කොහොමද කියන්න.

ඒක කාටහරි කෙනෙකුට යමක් ගැන දැනුවත් වෙන්න උදව්වක් වෙයි.

මට මේ විදියට හිතන්න ඉගැන්නුවේ දමිත් කේතක. ඒකත් කියන්න එපෑය. 2012 දමිත් ලංකාවට ආපු කාලේ, රැකියාව පටන් ගත්තු කාලේ හවස පහට විතර සතියකට වතාවක් ඔහුගේ කාර්යාලය ඉස්සරහ තියන ඕපන් ස්පේස් එකේ බැංකුවක් උඩ අපි කතා කර කර හදපු ප්ලෑන් මේ.

ඩච් හොස්පිටල් එකේ සිමෙන්ති බංකුත් පශ්චාත් උපාධි කරයි, උන්ට කතා කරන්න පුළුවන් උනා නම්.

  • නදීශා චන්ද්‍රසේන

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan