රාජ්‍ය වියදම් කතුරට

රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන රාජ්‍ය වියදම් අවම කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පියවර ගෙන ඇත.ඔහු එයින් දක්වන්නේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම මේ මොහොතේ පවතින අර්බූදය හමුවේ කළ යුතු වුව ද,එයට කාලයක් ගතවන බැවින් රාජ්‍ය වියදම් පාලනය කිරීමට පියවර ගත යුතු බවය.

ඒ අනුව විවිධ චක්‍රලේඛ මඟින් හඳුන්වා දී ඇති ඉන්ධන සහ සංනිවේදන දීමනා පාලනයටත්,ජල,විදුලි බිල් සීමා කිරීමටත්.ගොඩනැඟිළි ඉදිකිරීම් සහ කුලියට ගැනීම් නැවත්වීමටත් මෙම චක්‍රලේඛයෙන් උපදෙස් ලබා දී ඇත.දේශිය අරමුදල් මඟින් සිදු කරනු ලබ විදේශ අධ්‍යයන චාරිකා සහ පුහුණුවීම් නැවත්වීමට උපදෙස් දෙන එම චක්‍රලේඛණය,අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව අමාත්‍යංශ සහ ආයතන මට්ටමෙන් සිඳු කරනු ලබන විවිධ දීමනා ගෙවීම් අත්හිටුවීමටත්,විවිධ සුබසාධන සහ සහනාධාර සම්බන්ධයෙන් නව බැදීම් ඇති කර නොගැනීමටත් උපදෙස් ලබා දී ඇත.

ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද ජාතික අයවැය චක්‍රලේඛ අංක 03/2022 මේ සමඟ පහතින් දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට වරෙන්තු!

කොළඹ LNW:හිටපු ඇමතිවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල්...

ආර්ථික හා වෙළඳ ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර සාකච්ඡා!

කොළඹ LNW:චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඊයේ(20)...

චෝදනා 23000 ඉක්මවා එල්ල වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2019 පාස්කු ඉරු දින කතෝලික දේවස්ථාන,...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකෙනෙක ගැටී අනතුරක්: පිරිසක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දක්ෂිණ අධිවේගී මාර්ගයේ...